ඉතින් යාලුවනේ Computer Hardware
පාඩම-පාඩම් මාලාවේ හත්වැනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපි හයම
ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් පහලින් ගිහින් ඒ හයම
බලාගන්නකෝ.
Hardware පාඩම සමග එකතුවන ඔබ දැන් පිවිසෙන්නේ මේ පාඩමේ වැදගත්ම කොටස් වලටයි. මේ තමා පරිගනකයක ස්වභාවය තීරණය කරන ප්‍රධාන සාධකය.
මේ රූපයෙන් දක්වා ඇති පරිදිම අද සිට අපි
කතා කරන්නේ මවු පුවරුව ගැනයි. මෙය Main Board, Mother Board, System Board
යන නම් වලින්ද හැඳින්වෙනවා. අපි මෙතැන් සිට මෙය Mother Board යන නමින් කතා
කරමු. නමුත් ඉහත ඕනෑම නමක් කියන්න පුළුවන්. මම පහසුව සඳහා පමණයි Mother
Board යන්න යොදන්නේ.
Mother Board එකක දල සටහනක් පහතින් දක්වා ඇත.
මෙය බෝඩ් එකෙන් එකට කාලය සමග වෙනස් වන්න පුළුවන් නමුත් දල වශයෙන් දැනට භාවිතයේ ඇති Mother Board වල ඇත්තේ මෙවැනි සැකසුමක්.
කලින් සඳහන් කළාක් මෙන් ඇයි මේ Mother Board එකක් පරිගනකයක සීමාකාරී සාධකය වන්නේ?
පරිගනකයක Mother Board එක මගින් තීරණය කරනා දේ මොනවාද කියා අපි පළමුව සොයා බලමු.
- පරිගනකයට භාවිතා කරන Processor එකේ වර්ගය හා එහි වේගය
- ඇතුළු සාධක තීරණය වන්නේ Mother Board එක මගිනි.
- පරිගනකය සහාය දක්වන Memory තීරණය කරන්නේ Mother Board එක මගිනි.
- අනෙකුත් Expansion cards තීරණය කරන්නේ Mother Board එක මගිනි.
- Hard disk, Floppy Drives, Optical Drivers සඳහා Mother Board එක සහාය දැක්විය යුතුය.
- එපමණක් නොව Casing එක Power supply එක පවා තිරණය කරන්නේ Mother Board එක අනුවයි.
Mother Board එක යනු කුමක්ද?
ඇත්තටම Mother Board එකක් යනු තීරු
ගණනාවකින් යුතු මුද්‍රිත පරිපථයකි. (Multi layer printed circuit board)
එහි ප්‍රොසෙසරය (Processor), මෙමරි (Memory modules), Expansion cards,
Input/Out put connectors, Power connector ආදි සියල්ල එහි ඇත.
ඊට අමතරව Casing එකට සවිකිරීමට ඇණ සිදුරු
ඇත. ඒවා ඇත්තේ සම්මත දුර ප්‍රමාන වලිනි. ඒ එකලස් කරන පරිගනක සඳහාය. නමුත්
වෙළඳ නාම යටතේ නිපදවෙන ඒවායේ ඔවුනට ආවේණික දුර ප්‍රමාණ යොදාගනී.
Mother Board එකක කොටස්
- Processor socket එකක් හෝ කීපයක් (සර්වර් වල Processor socket කීපයක් ඇත)
- Memory slots දෙකක් හෝ වැඩි ගණනක් ඇත.
- Chip Set එක.
- BIOS /Flash ROM
- Clock generator
- Expansion cards සඳහා ස්ලොට්ස්
- Power connectors
- Hard disk, Floppy drivers සඳහා connectors
- Indicator LED සඳහා connectors
මීට අමතරව ඉලෙට්‍රොනික උපාංග රැසක් ඇත.
Intel 945 Chipset Mother board එකක පහත රූපය බලන්න. අප නම් කළ කොටස් ඒ මත පිහිටා ඇති ආකාරය එයින් ඔබට අවබෝධ කරගන්න පුළුවන් වනු ඇත.
මෙම කරුණ වලින් Mother board ගැන ඔබ දල
අදහසක් ගන්න ඇතැයි සිතනවා. කෙටියෙන් කියනවානම් Mother board එකක් යනු
පරිගනකයේ ප්‍රධාන පරිපථයයි. මෙහි එක් එක් කොටස්, දැනට භාවිතයේ පවතින පරිගනක
වල භාවිතා කර ඇති Mother board ගැන මීළඟ ලිපි වලින් බලාපොරොත්තු වන්න.
අද පාඩම නම් ගොඩක් කෙටි උනා. තරමක වැඩ අධික නිසා අපහසුවෙන් කාලය වෙන් කර ගත්තේ මේ සටහනට. මීළඟ ලිපියෙන් හමුවෙමු.සදා ජය.........
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment