Showing posts with label OTHER. Show all posts
Showing posts with label OTHER. Show all posts

Saturday, 4 October 2014

445. ඔයාගේ computer එකට දාගන්න ලස්සනම අලුත්Icons ගොන්නක්ම​

ඔයාගේ computer එකට දාගන්න ලස්සනම අලුත්Icons ගොන්නක්ම​




මෙතන මම ඔයාලට දීලා තියෙන්නේ Computer එක ටිකක් ලස්සන කර ගන්න පුලුවන් Icons ටිකක්...
මෙතන ගොඩක් Icons තියෙනවා .. 
අරන්ම බලන්නකෝ.... 
 ඔයාලා දන්නවනේ ඉතින් කොහොමද Icon එකක් දාගන්නෙ කියලා

Icon එක දන්න ඕන දෙය right click>> properties>> customize වල තියන​ change icon >> brwse..එතනින් තොරලා දාගන්න ඉට පස්සෙ ඉතින් ok>>apply

මෙතනින් බා ගන්න​.

Sunday, 31 August 2014

316. WORLD WIDE WEB නොහොත් www.

WORLD WIDE WEB නොහොත් www.


ඒ 1989 වසරේ මාර්තු 12 වනදා වූවාය. Berners-Lee විසින් පලකල ලිපියක් "Information Management: A Proposal" ලෙසට නම්කර තිබූ අතර එහි තිබූ අදහස වූවේ web browsers නම් වැඩසටහනක් ඔස්සේ World Wide Web භාවිතාකරන ආකාරය පිලිබදවයි. සරල පදනමක ගොනැගෙන සංකීර්න භාවිතාවක්ව එම සංකල්පය අදවන විට සමහර ලේඛකයන්ගේ සටහන් තුලදී හදුන්වන්නේ "අන්තර්ජාලයෙන් තොර ලෝකය" මොවැනි විය හැකිද වැනි අරුතකිනි. එතරම්ම එය සාමන්‍ය ජීවිතය වෙතට පැමින අහවරය. ලොව දසත සර්වරයන් මත වන අපමන තොරතුරු එකි නෙක යාවෙමින් පාසැල් දරුවෙකුගේ නැනස පාදන්නට මෙන්ම තීරනාත්මක කාරනාවක් විසදාගන්නට අවශ්‍ය කරුනු සපයා දෙමින් විද්වතෙකුට සහය වීම දක්වා වන අතර මැද දහසකුත් එකක් දෛනික ජීවිතයේ බොහෝ කාරනා සමග බැදී ඇති මෙම WWW හි විකේන්ද්‍රීය ස්වභාවය හා විවෘත බව වඩාත් නම්‍ය සුවපහසු භාවිතාවක් ‍රැගෙන එන්නට පදනම වී ඇහි බවටයි පිලි ගැනෙන්නේ. අද වන විට ලොව පුරා  බිලියන 2.7ක පිරිසක් මෙම වෙබ් අවකාශය භාවිතාකරමින් සිටී. මුල් අර්තයෙන් සීමිත හදාරන්නන් පිරිසක් එකිනෙකා පහසුවෙන් යාවීම ඉලක්ක කරගෙන පැමිනි මෙම භාවිතාව අද වන විට වෙළඳ පමනක් නොව දේශපාලනික , ආගමික මෙන්ම සමාජීය කාරනාවලදී පවා දැනෙන සුලු මට්ටම බලපෑමක් කරන්නට සමත් තැනකට මෙම විෂය වැඩී ඇත. මේ වන විට එය වෙබ් පි‍ටු ට්‍රිලියන 60කින් සමන්විත බලවත් අවකාශයක්ව සිටී.සදා ජය​....

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Monday, 25 August 2014

284. CHROME BROWSER එක ලස්සන කරමු

CHROME BROWSER එක ලස්සන කරමු
 

ඔන්න යලුවනේ.අද මම ගෙනවේත් ලස්සන කරන්න පුලුවන් දෙයක්.

අද මම ලස්සන කරන්නේ ඔයගේ chrome web  browser එක​.මේක හරිම පහසු දෙයක් ගොඩක් ලෙසියි.ඔන කෙනෙක්ට මෙකනම් කරගන්න පුලුවන්.

මේ ගැන දන්න අය ඉන්නවා ඒත් මම මෙ කියන්නේ නොදන්න අය වෙනුවෙන්
මෙකයි ඔයලට කරන්න තියෙන්නේ.මම මේ දෙන ලින්ක් එකchrome web  browser  ගිහින් ගිහින් ඔයා කැමති theme එක තොරලා ඔකේ කරන්න විතරයි තියෙන්නේ.එහෙනම් මෙක දාගෙන ඔයාගේ chrome web  browser එකත් ලස්සන කරගන්නකො.එහනම් මම ගියා,,,,,
සාදා ජය..

මෙතනින් බා ගන්න​




ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Friday, 1 August 2014

168. පුලුවන්ද මේ ෆෝල්ඩර් හදන්න​,,

පුලුවන්ද මේ ෆෝල්ඩර් හදන්න​,,





Q අභියෝගය මොකක්ද?
A පුලුවන්නම් පහත නම් වලින්  Folders හදලා පෙන්වන්න.

CON , PRN , NUL , AUX
COM1 , COM2 , COM3 , COM4
COM5 , COM6 , COM7 , COM8
COM9 , LPT1 , LPT2 , LPT3
LPT4 , LPT5 , LPT6 , LPT7
LPT8 , LPT9



Q ඇයි මේ නම් වලින් Folders හදන්න බැරි ?
A මේ නම් වලින් Folders windows මගින් භාවිතයට ගන්න නිසා.

Q මේ නම් වලින් Folders හදන්නම   බැරිද?
A පුලුවන්

Q ඒ කොහොමද?
A
1.මුලින්ම  Start වල Run වලට යන්න.( windows key + R )

2.එකේ CMD කියලා ටයිප් කරලා Enter කරන්න.

3.ඊට පස්සේ  md\\.\c:\con කියලා ටයිප් කරලා Enter කරන්න.
ඔයාට දකින්න පුලුවන් con කියන නමින් Folder එකක් C පාටිෂන් එකේ හැදිලා තියෙනවා.
 c: කියන තැනට වෙනත් පාත් එකක් දුන්නම අදාල තැන Folder එක හදාගන්න පුලුවන්.
 con කියන තැනට ඉහත් ලිස්ට් එකේ දිලා තියෙන නම් දිලා Folder හදලා බලන්න.

Q කොහමද හදපු Folder එකක් Delete කරන්නේ?
A
1.මුලින්ම  Start වල Run වලට යන්න.( windows key + R )

2.එකේ CMD කියලා ටයිප් කරලා Enter කරන්න.

3.ඊට පස්සේ  rd\\.\c:\con කියලා ටයිප් කරලා Enter කරන්න.
 එතකොට අපි කලින්  හදපු con කියන  Folder එක Delete වෙනවා.



ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


167. පරිගණක Virus පිලිබඳ ඔබ නොදත් දේ දැන්ම දැනගන්න


 පරිගණක Virus පිලිබඳ ඔබ නොදත් දේ දැන්ම දැනගන්න





පරිගණක වයිරසයක් යනු කුමක්ද 
පරිගණක වැඩසහනකට ඇතුළු වී ස්වයං පිටපත් වීමේ හැකියාවක් සතු පරිගණක වැඩසටහනක් වයිරසයක් ලෙස හැදින්වේ. 

මෙම වැඩසටහන් වලට පරිගණක වයිරස් යන නම ලබාදුන්නේ ඇයි 

ඊට හේතුව නම් මෙම වැඩසටහන් ජීවී වය්රස මෙන් ස්වයන් පිටපත් වීමේ හැකියාව සහ ජීවත් වීමට දාරකයෙකු අවශ්‍ය වන්නා සේ මෙම වැඩසටහන් වෙනත් පරිගණක වැඩසටහන් තුල සැගවී සිටීමයි .

වයිරස පැතිරෙන්නේ කෙසේද 

වය්රස පැතිරෙන ප්‍රධානම මාද්‍ය නම් අන්තර්ජාලයයි . email ඒ සදහා වැඩි දායකත්වයක්ද දක්වයි  දත්ත එහා මෙහා රැගෙන යාමට භාවිතා කරන පෙන් , නම්‍ය තැටි ,සංගත තැටි , සංක්‍යාන්ක බහුවිධි තැටි වැනි දෘඩාංග වය්රස පැතිරීමට සෘජුවම දායක වෙයි . මීට අමතර පරිගණක ජාලවර්ග ද මේ සදහා දායකත්වයක් සපයයි .

වයිරස් නිසා සිදුවිය හැක්කේ මොනවද 

ප්‍රධාන හානිදායක දේවල් ටිකක් පහත දැක්වේ
  • තැන්පත් කර ඇති දත්ත සහ තොරතුරු විනාශ වීම
  • පරිගණක ස්ලෝ වීම
  • සමහර අවස්තාවලදී කලාතුරකින් පරිගණක දෘඩාංග වලට කෙලවීම 
  • තැන්පත් කර ඇති දත්ත හා තොරතුරු අවුල් වීම හෝ පිස්සු කෙලීම 
  • පරිගණකයේ ස්ථාපනය කාරී ඇති මෘදුකාංග වලට හානි වීම
  • පරිගණකය භාවිතා කරන්නාට අපහසුතාවයට පත්වීමට සිදු වීම සහ කාලය අපතේ යාම
වයිරස හදුනාගන්නේ කෙසේද 
පරිගණක පද්දතියකට වයිරස ආසාදන වූ විට පහත ඇති ලක්ෂණ 1ක් හෝ කිහිපයක් දැකිය හැකිය (සමහර අවස්ථාවල මේ ආසාදන වෙනත් හේතුන් නිසා ඇතිවීමට හැකි අතර ඒ පිළිබද සැලකිලිමත්ව බැලිය යුතුය )
  • පරිගණකයේ කිර්යාකාරි වේගය සාමාන්‍ය තත්වයට වඩා අඩු වීම .
  • පරිගණකය නිතර නිතර off වීම
  • පරිගණකය නිතර නිටහර restart වීම
  • සමහරක් මෘදුකාංග ක්‍රියා කිරීමට අපහසු වීම
  • සමහ මෘදුකාංග වල ක්‍රියාකාරිත්වය අවුල් වීම
  • සමහ මෘදුකාංග පරිගණකයෙන් ඉබේම ඉවත් වීම
  • ගොනු ඉබේම මැකීම
  • වැඩකට නැති ගොනු එකතුවීම
  • තිරයේ අසාමන්‍ය දැන්වීම් දර්ශනය වීම
  • නව මෘදුකාංග ස්ථාපනය කිරීමට නොහැකි වීම
  • මෙනු අවස්ථා හා සංවාද කොටුවල පිළිවෙල අවුල් වීම
  • තිරයේ විවිද රුප හෝ අයිකන් දර්ශනය වීම
  • විවිධ වූ ශබ්ද ඇසීම
  • පරිගණක තැටි දාවක ක්‍රියා නොවීම
  • පරිගණක තැටි දාවක නොකඩවා ක්‍රියාත්මක වීම
  • නිවැරදි ආකාරයෙන් මුද්‍රණය කිරීමට අපහසු වීම
  • මුද්‍රිත පිටපත්වල විවිධ විකාර පිටපත් වීම
  • පරිගණක තැටි වල ඉඩ තිබුනද නැතැයි කියා දර්ශනය වීම
  • පරිගණකය ක්‍රියාත්මක කිරීම සදහා අසාමාන්‍ය කාලයක් වැය වීම
වයිරස ඉවත් කරන්නේ කෙසේද  
වයිරස ඉවත් කිරීමට යොදාගත හැකි හොදම ක්‍රමය වන්නේ යාවත්කාලින කරන ලද ප්‍රතිවයිරස මෘදුකාංග භාවිතා කිරීමයි .නොමිලේ ලබාදෙන ප්‍රතිවයිරස මෘදුකාංග කිහිපයක් පහත දැක්වේ 
  • Avast -
  • McAfee
  • Sophos
  • Panda
  • AVG
  • Kaspersky
  • Avira
  • Norton
වයිරස වලින් ආරක්ෂා වන්නේ කෙසේද
  • Firewall ක්‍රියාත්මකව තැබීම
  • නිවැරදි ආකාරයෙන් backup ගොනු පවත්වාගෙන යාම
  • ප්‍රතිවයිරස වැඩසටහන් යතාවත්කාලින කිරීම සහ ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මකව තැබීම
  • සාමන්‍ය භාවිතය සදහා administrator ගිණුමක් වෙනුවට user ගිණුමක් භාවිතා කිරීම
  • නිතරම අව්‍යාජ මෘදුකාංග භාවිතා කිරීම
  • නොදන්නා වෙබ් අඩවි වලට නොයාම
  • තමන් වෙත ලැබෙන email පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීම
  • දත්ත ඇතුළු කිරීමට භාවිතා කරන ක්‍රම සුරක්ෂිතව සිදු කිරීම
වෙනත් හානිකර වැඩසටහන්
Worms
ස්වයන්ක්‍රීයව පිටපත් විය හැකිය .දාරක වැඩසටහනක් අවශ්‍ය නැතුව ෆයිල් එකක් ආකාරයට පැතිරිය හැකිය. පරිගණක ජාලවලදී මේවා ඉක්මනටම පැතිර යන අතර මෙයින් වඩාත් බරපතල හානි සිදු විය හැකිය 

  • Trojan Horse - ප්‍රයෝජනවත් වැඩසටහන් ලෙස දැකුමට හැකි නමුත් විනාශකාරී ක්‍රියාවන් සිදු කරයි
  • Spyware - පරිගණකයේ තොරතුරු සහ පරිගණකය තුල සිදු කරන කාර්යන් පිටතට ලාබදෙයි
  • Adware - අන්තර්ජාලය තුල සැරිසැරීමේදී විවිධ අනවශ්‍ය දැන්වීම් නොකඩවා පල කරවයි
  • Hijacker - පරිගණක ගත වූ දත්ත සහ තොරතුරු කොල්ල කයි
  • Dialer - මෙය බලපෑමක් වන්නේ මොඩම් භාවිතා කරන අයටය... මේ නිසා අවුනට අනපේක්ෂිත දුරකතනක බිලක් ගෙවීමට සිදු විය හැකිය
  • Logger - විවිද logger ඇත .. මේවයින් සිදු කරනුයේ private තොරතුරු මංකොල්ලා කෑමයි
  • Spam - අනවශ්‍ය email තම email ගිණුමට නොකඩවා පැමිණීම සිදු කරයි

පරිගණක හානිකර වැඩසටහන් වලට ප්‍රතිවිරුද්ධ මෘදුකාංග  

අනිෂ්ට මෘදුකාඟ - ප්‍රතිවිරුද්ද මෘදුකාංග





  • Virus - Antivirus
  • Worms - Antivirus
  • Trojan Horse - Antivirus
  • Spyware - Antispyware
  • Adware - Antiadware/Popup Blockers
  • Hijacker - Antihijacker
  • Dialer - Antidialer
  • Logger - Antilogger
  • Spam - Antispam




  • ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

    දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

    like කලේ නැතිනම් like එකක් 

    දාගෙනම යන්න​.


    Thursday, 31 July 2014

    164. පරිගණකය CRASH වෙනවද?මෙන්න විසදුම්...

    පරිගණකය CRASH වෙනවද?මෙන්න විසදුම්...


       තවත් නිල් පාට තිරයක්,බුට් වල ප්‍රශ්ණයක් නැත්නම් ස්ක්‍රින් ඒක හිරවෙලා.දැන්නම් ඔයාට පරිගණකය restart කරන්න වෙනව.ඒ කියන්නේ දැනට කර කර හිටපු වැඩ ඔක්කොම නතර කරන්න වෙනව කියන ඒක.වැඩකර කර ඉන්න කොට අතරමග නතර වෙන ඒක සහ ඒකට හේතුව හොයා ගන්න බැරි වුනාම ලොකු කේන්තියන් ඒනව නේද?
       මෙහෙම පරිගණකය අතර මගදි හිරවෙනවට නැත්නම් ඒර(error) මැසේජ් ඒන ඒකට කියන්නේ Crash වෙනව කියල.Crash වෙන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ වරද නිසාම නෙවෙයි.ඒයට බලපාන හේතු රාශියක් තියනව.මෙ ඒ අතරින් කිපයක්.

    1.මවුපුවරුවේ හො රැම් ඒකේ දෝශ.
       ගොඩක් Crash සිද්ධ වෙන්නේ මෙන්න මේ මවුපුවරුවේ හො රැම් ඒකේ දෝශ මතුවිම නිසා.Blue Screen Of Death (BSOD) කියල හදුන්වන්නේ මේක තමයි.මෙය බොහො විට සිදුවන්නේ ප්‍රධාන මතකයේ තියන දත්ත කියවා ගන්න බැරි වුනාම.ඔයාට පුලුවන් Memtest86 වගේ යුටිලිට් ඒකක් භාවිතා කරල රැම් ටෙස්ට් ඒකක් කර ගන්න.

       සමහර අවස්ථාවල රැම් ඒකේ දොශයක්ද කියල බලා ගන්න පුලුවන් වෙනත් රැම් ඒකක් සවි කරල දොශය මතු වේ දැයි බැලිම මගිනුත්.
    2.බයෝස්(BIOS) වල දෝශ


       ගොඩක් මවුපුවරු වල BIOS වැඩසටහන් කර්මාන්ත ශාලාවේදිම ඇතුලත් කරල ඒවනව.අපි ඒවා අපිට අවශ්‍යය පරිදි වෙනස් කරගන්නව.මේ වෙනස් විම් CMOS බැටරිය ඉවත් කිරිම මගින් නැති වෙන්න පුලුවන්.ඒවිට BIOS ඒක වෙනස් වෙලා පරිගණකය බූට් කරගන්න බැරි වෙන්න පුලුවන්.එවැනි අවස්ථා වලදිත් දොශ පණිවුඩ ඒන්න පුලුවන්.
    3.Corrupt Registry
       සාමාන්‍යයයෙන් මෙය දොශ සහිත නැහැ.නමුත් යම් යම් issues තියෙන්න පුලුවන්.Corrupt Registry නිසා පරිගණකය නියමිත පරිදි බූට් නොවි crash වෙන්න පුලුවන්.හොද registry fix software මගින් ඒවැනි ප්‍රශ්ණ විසදා ගන්න පුලුවන්.
    4.ඩ්‍රයිවර්ස් වල දොශ(Incorrect Or Corrupt Drivers).

     
       Drivers තමයි කියන්නේ ද්ඩාංග වලට මොකක්ද කරන්න ඔන කියල.ඒවා නිසි පරිදි ක්‍රියා කරන්නේ නැත්නම් ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන්.

    මෙවැනි crashes බොහොවිට පෙන්වන්නේ Massages සමග.ඒවායේ කෙලින්ම දොශ සහිත කුමන උපාංගයද කියල පෙන්වා දෙනව.ඒහෙම නැත්නම් ඒ මැසේජ් ඒක ගුගල් කරල උදවු ගන්න පුලුවන්.
    5.හාඩ් ඩ්‍රයිව් ඒකේ දොශ.
       හාඩ් ඒක ඇන හිටිම බොහො බූට් ප්‍රශ්ණ වලට  හේතුවක්.ඔබේ පරිගණකයට බූට් ඩ්‍රයිවිස් සොයා ගැනිමට නොහැකි නම්,නමුත් BIOS නියමිත ලෙස ක්‍රියා කරනව නම් ඒ දොශයට වැරදි කරු බොහොවිට දෘඩ තැටිය.free hard drive test  ඒකක් මගින් ඒහි දොශ හදුනා ගන්න පුලුවන්.
    6.දෘඩාංග නොගැලපිම්.
       ඒකිනෙකට නොගැලපෙන තොරතුරු පරිගණක දෘඩාංග වලින් දිගින් දිගටම ලැබිමේදි පරිගණකය ස්ටක් විම් හෝ crash ඇති වෙන්න පුලුවන්.ඒවා සැම විටම හානිකර නැහැ.
       ඔබට නොගැලපෙන දෘඩාංග Device Manager ඒක ඔපන් කර ගැනිමෙන් බලාගන්න පුලුවන්.ඒහි කහ පාට සහ කලු පාට exclamation icon ඒකකින් පෙන්වනව.
    7.Virus Or Trojan
       වයිරස හෝ ට්‍රොජන් මගින් පරිගණකයට දැඩි ලෙස හානි වෙන්න පුලුවන්.ඒවා ඩ්‍රයිවර්ස් ඉවත් කිරිම,ෆයිල්ස් මකා දැමිම,සෙටින්ස් වෙනස් කිරිම ආදිය කරන්න පුලුවන්.හොදම දේ තමයි පරිගණක ප්‍රති වෛරස වැඩසටහනක් මගින් පරිගණකය ආරක්ශා කර ගැනිම.
    8.විදුලිබල සැපයුම් දොශ.
    සමහර අවස්ථා වල ඇතිවන නිරන්තරයෙන් පවතින crashes වන්නේ විදුලිබල සැපයුම් දොශ නිසා වන්නට පුලුවන්.මේයට බොහො විට බල පාන්නේ විදුලි සැපයුම් ඒකකය(power supply),සහ නිවසේ බල සැපයුමේ වෙනස් කම් වෙන්න පුලුවන්.power supply ඒකේ දොශයක් නම් ඒය ඉක්මනින් මාරු කල යුතුමයි.
    9.මෘදුකාංග
    බොහො මෘදුකාංග දොශ දැන් ඇති නොවුවත් සමහර අවස්තාවල ඇති වෙන්න පුලුවන්.
    10.අධික ලෙස රත් වීම.
    පරිගණක උපාංග රත්විම් වලට සංවේදියි.වැඩිපුර රත් විම නිසා උපකරණ වලට හානිවෙන්න පුලුවන්.ඒ නිසා උපාංග අධික ලෙස රත් විමේදි ඒවා නතර වි දොශ ඒන්න පුලුවන්.


    ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

    දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

    like කලේ නැතිනම් like එකක් 

    දාගෙනම යන්න​.


    163. ඔයාගේ computer එකට දාගන්න ලස්සනම අලුත් Icons ගොන්නක්ම​

    ඔයාගේ computer එකට දාගන්න ලස්සනම අලුත් Icons ගොන්නක්ම​




    මෙතන මම ඔයාලට දීලා තියෙන්නේ Computer එක ටිකක් ලස්සන කර ගන්න පුලුවන් Icons ටිකක්...
    මෙතන ගොඩක් Icons තියෙනවා .. 
    අරන්ම බලන්නකෝ.... 
     ඔයාලා දන්නවනේ ඉතින් කොහොමද Icon එකක් දාගන්නෙ කියලා

    Icon එක දන්න ඕන දෙය right click>> properties>> customize වල තියන​ change icon >> brwse..එතනින් තොරලා දාගන්න ඉට පස්සෙ ඉතින් ok>>apply

    මෙතනින් බා ගන්න​.



    ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 
    දැනගැනිම සදහා අපේ facebook පිටූවට like කලේ නැතිනම් like එකක්
    දාගෙනම යන්න​.

    162. ගූගල් ක්‍රෝම්කාස්ට්(Google Chromecast)

    ගූගල් ක්‍රෝම්කාස්ට්(Google Chromecast)






    මෙය පෙනුමෙන් HDMI ඩොන්ගලයක් වේ. මෙය භාවිතා කර ඕනෙම HD රුපවාහිනියක් ස්මාර්ට් tv එකක් බවට හැරවිය හැකිවේ. එනම් ඔබේ ලැප්ටොප් පරිගණකයේ, android දුරකතනයේ හෝ apple උපන්ගයකින් නරබන වෙබ් අඩවිය හෝ YouTube වීඩියෝව ඔබගේ රුපවාහිනියට යවා නැරබිමේ හැකියාව එමගින් ලබාගත හැකිවේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ ඔබේ ලැප්ටොප් එකෙන් නරබන youtube වීඩියෝව රුපවාහිනියට යවා නරබන අතර එය එසේම දාවනය වන අතර වෙනත් වැඩක් උවද කරගත හැකි වීමයි. එනම් මෙමගින් තම screen එක රුපවාහිනියට stream වීමක් සිදු නොවන බැවිනි.

    මෙය $35 වැනි මුදලකට මිලදී ගත හැකි වේ. එසේම මෙය සැකසීමද ඉතා පහසුවෙන් කල හැකි වේ. මෙයට විදුලිය සැපයීමට power adapter එකක් ලැබෙන අතර hdmi extension කේබලයක් ද ලැබේ.
    මෙය setup කිරීම පහත වීඩියෝව මගින් දැකගත් හැක.


     

    ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

    දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

    like කලේ නැතිනම් like එකක් 

    දාගෙනම යන්න​.