Saturday, 28 June 2014

007.Computer Hardware පාඩම- 06 (Casing-Power supply)

Computer Hardware පාඩම- 06 (Casing-Power supply)



ඉතින් යාලුවනේ Computer Hardware පාඩම .පාඩම් මාලාවේ හය වැනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපි පහම​ ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් පහලින් ගිහින් ඒ පහම​  බලාගන්නකෝ.

1-ලිපිය2-ලිපිය3-ලිපිය , 4-ලිපිය  5-ලිපිය

Casing ගැන එදා පොස්ට් එකෙන් ඉවර කරන්න හිතුවත් පසුව දාන්න තිබූ සටහනක් එම සටහන හා සම්බන්ධ නිසා එහි ඉතිරි කොටස ලෙස ලියන්න හිතුවා. බල සැපයුම (Power Supply) Casing එකේම කොටසක් ලෙසයි පවතින්නේ. එහෙමනම් වැඩි විස්තර නැතිව අද කතා කරමු බල සැපයුම ගැන.
සාමාන්‍යෙයන් පරිගනක බල සැපයුමක් එකිනෙකට වෙනස් විභව අන්තර ගණනාවක් ලබා දෙනවා. අපි සාමාන්‍යෙයන් බොහෝ උපකරණ වල භාවිතා කරන බල සැපයුම් ලබා දෙන්නේ සෘණ (-) අග්‍රයට සාපේක්‍ෂව කිසියම් නියත විභවයක් වුවත් පරිගනක බල සැපයුම විභවයන් කීපයක්ම පිටතට ලබා දෙනවා.
ඒවා නම් +12V, -12V, +5V, -5V, +3.3V වේ.
මුල් කාලයේ. එනම් 80286, 80386, 80486, 80586 (Pentium I මෙයට ඇතුලත්) හා ඇතැම් P II සඳහා  බල භාවිතා වූ සැපයුම් වූයේ AT නමින් හැඳින්වූ ඒවායි. දැනට ඒවා භාවිතා කරනා පරිගනක හොයන්නත් නැති තරම් නිසා අපි පින්තූරයක් විතරක් බැලුවම ඇති. මේවා ක්‍රියා කරන්නේ කෙලින්ම ප්‍රධාන විදුලිය ලබාදීම හා විසන්ධි කිරීම මත. එහි ස්විච් එක ඇත්තේ එම විදුලි සැපයුම ලබා දීම හා සිඳලීම සඳහා පමණයි.



මින් පසු හමුවන්නේ ATX වර්ගයයි. එහි Versions කීපයක් ඇත. මේවා වෙන් වශයෙන් විස්තර කරන්න පොස්ට් කීපයක්ම ලියන්න වෙන නිසා කෙටියෙන් හඳුනා ගැනීම ආධුනික ඔබට ප්‍රමාණවත් බවයි මගේ හැඟීම.

ATX Version 1.X


මුලින් පැමිණි ATX Version 1.X P iii, Piii, P4 සියල්ලේම භාවිතා වූවා. එහෙත් කාලෙන් කාලෙට වෙනස් වීම් සහිතවයි. 
P iii සඳහා main power connector එක 20 Pin එකක් වූ අතර. ඊට අමතරව peripheral connectors (Hard disk, CD/DVD වැනි දේ සඳහා) හා floppy drive connectors දක්නට ලැබුනා. 
පහත රූපයත් බලන්න.

හොඳින් බලන්න  main power connector එකක්, peripheral connectors 4ක් හා එක් floppy drive connector යක් පමණයි ඇත්තේ. 
ඉන්පසු P4 සඳහා වෙනස්කම් කීපයක් සහිතව බල සැපයුම් නිශ්පාදනය වූවා. මේවායේ මුල් කාලයේ 12VDC අමතර pin 4ක කනෙක්ටරයක් Main board එකට සම්බන්ධ වූවා. ඊට අමතරව auxiliary power connector Main board එකට සම්බන්ධ වෙනවා. එහෙත් පසුව මෙම  auxiliary power connector එක ඉවත් වනවා. එනම් පසුව නිශ්පාදිත ඒවායේ මෙය දක්නට නැත.
මේ එවැන්නක්.

ATX Version 2.X

දැන් භාවිතා වන්නේ මෙම වර්ගයයි. මෙහි  main power connector එක 24 Pin එකක් වේ. මීට අමතරව SATA hard disk සඳහා වෙනම power connectors ඇත. අළුත්ම ඒවායේ 6-pin PCI Express® power connector එකක්ද ඇත. 
මේ රූපයේ ඇති පවර් සප්ලයි එකේ නම් එම 6-pin PCI Express® power connector දක්නට නැත.


නමුත් මේවායේ Pin 24න් 4ක් ඇත්තේ ගලවා වෙන් කල හැකි පරිදිය. ඒනිසා පැරණි 20Pin එකක් වෙනුවෙන් මේම පවර් සප්ලයි එකක් භාවිතා කිරීමට හැකියාව ඇත. මේවායේ Pin සැකසුම හා ඒවායේ විභව අන්තර (Voltages) සහිත සටහනක් පහත රූපවලින් පෙන්වා ඇත.




ATX 2.X වලට අයත් Pin 4 වෙනම සවිවී ඇති ආකාරය හොඳින් බැලූවිට දැකියහැක.
අනෙක් connectors හා ඒවායේ Pin සැකසුමත්, ඒවායේ විභව අන්තරත් පහත රූපයෙන් බලන්න.


Serial ATA (SATA) connector එකක pin සැකසුම හා විභවයන් සඳහා පහත රූපය යොදාගන්න.
 PCI Express® power connector එකක pin සැකසුම හා විභවයන් දැක්වෙන රූප සටහන.

මෙම Main board connector වල ඇති එක් එක් pin එකට අදාළ voltages රූපයේ පැහැදිලිව දක්වා ඇත. කළු පැහැයෙන් ඇති COM යනුවෙන් සඳහන් connector එක 0V විභවය පෙන්වයි. අළු පැහැති PWR_OK (ඇතැම් විට PG යනුවෙන්ද දැක්වේ) ඇත්තේ  Main board එකේ සිට ලැබෙන සඥාව ලබාගැනීමටයි. කිසියම් දෝෂයක් ඇතිනම් එමගින් බලසැපයුම ක්‍රියාවිරහිත (Power Off) කරයි. කොළ පැහැති PS_ON pin එක මගින් පවර් සප්ලයි එක ක්‍රියාත්මක (Power On) කරයි. මෙය කුඩා වයර් කැබැල්ලක් හෝ කම්බියකින් 0V (කළු/COM) හා සම්බන්ධ කළ විට පවර්සප්ලයි එක On කළ හැක. පරීක්‍ෂා කිරීම් සඳහා මෙම ක්‍රමය භාවිතා කරයි. 
මේ සාමාන්‍ය එදිනෙදා භාවිතාවන පවර් සප්ලයි එකක සැකසුමයි. නමුත් විවිධ වෙළඳනාම යටතේ නිශ්පාදනය වන ඒවායේ pin සැකසුම මීට වෙනස් වන්නට පුළුවන. එහෙත භාවිතා වන්නේ මෙම විභවයන්මය. තවද ඒවායේ connector එකින් එකින් වෙනස් වන අවස්ථා ඇත. 
නමුත් මෙයට වඩා සම්පූර්ණ වෙනස් පවර් සප්ලයි සර්වර්ස් වල භාවිතා වේ. ඒවායේ සැකසුම මෙසේ යයි පෙන්වා දිය නොහැක්කේ එකිනෙකට වෙනස් නිශ්පාදකයන් තම විවිධ මාදිලි සඳහා විවිධ ආකාරයෙන් මේවා සකස් කිරීම නිසයි. තවද බොහෝවිට බාධාවකින් තොරව අඛන්ඩව ක්‍රියා කිරීමට (redundancy) මේවායේ පවර් සප්ලයි දෙකක් හෝ වැඩි ගණනක් ඇත. එනිසා සර්වරය ක්‍රියාත්මක වන අවස්ථාවේම පවර් සප්ලයි මාරු කළ හැක. එයට ෂට්ඩවුන් කිරීමට අවශ්‍ය නොවේ. මෙවන් පවර් සප්ලයි එකක් පහත රූපයේ දැක්වේ.




මෙය Dell PowerEdge 2950 මාදිලියේ සර්වරයක පවර් සප්ලයි දෙකෙන් එකකි.

මේවාට වඩා සම්පූරණයෙන් වෙනස් බල සැපයුම් Lpatop හා Netbook වල භාවිතා වේ. ඒවායේ ඇති විභව අන්තරද එකිනෙකට වෙනස් වන අතර එය පසුව වෙනම පරිපථයකින් අවශ්‍ය පරිදි විවිධ වෝල්ටීයතාවන්ට වෙන්කර ගනී.
මේවායේ ක්‍රියාකාරීතවය හා අනෙකුත් තාක්‍ෂණ තත්වයන් පිළිබඳ සටහන් කිරීම සටහන් ගණනාවක් දුරට මෙය ගෙන යන නිසා ඒපිළිබඳ කථා කිරීමට බලා පොරොත්තුවක් නෑ. 
එහෙමනම් අපි මේ සටහන මෙයින් නවතමු. මීළඟ සටහන් කීපය Main board එක සඳහා වෙන් කරනවා. 

සදා ජය​........


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment