Computer Hardware පාඩම- 05 (Casing)
ඉතින් යාලුවනේ Computer
Hardware පාඩම,පාඩම් මාලාවේ පස් වැනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල්
ලිපි හතරම ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් පහලින් ගිහින්
ඒ හතරම බලාගන්නකෝ.
1-ලිපිය,2-ලිපිය,3-ලිපිය ,4-ලිපිය
1-ලිපිය,2-ලිපිය,3-ලිපිය ,4-ලිපිය
Computer Hardware පාඩම එක්ක ඉන්න අයට සමහර විට කලින් පෝස්ට් එක වැඩක් නැති එකක් කියා හිතෙන්න ඇති. ඒත් අපි පළමුව පරිගනකයක කොටස් ගැන දල අවබෝධයක් ගන්න ඕන නිසයි මම ඒක කීවේ. මෙතෙක් මෙම පාඩම් පෙළ සකස් කරන් ආවේ කොළ කෑල්ලක් වත් නැතිවයි. ඒත් මම දැන් ඉදිරි සටහන් වල ආකෘතියක් සකස් කරනවා. මේක පොඩි පොතක ලියන් යන්නේ සාකච්ඡා කරන මාතෘකා ගැන දළ විස්තරයක්. ඒවා තමා ඉදිරියේ විස්තරාත්මකව ලියන්න බලාපොරොත්තු වන්නේ. එමෙන්ම මම මෙහි ප්‍රායෝගික දේවල් තමා වැඩියෙන් කතා කරන්න යන්නේ. තියරි නම් කියන්නම අදහසක් නෑ. Logical Gates වගේ ඒවත් මෙහි ලියන්න අදහසක් නෑ. මෙය ප්‍රායෝගික Computer Hardware පාඩමක් වේවි. එහෙනම් වැඩි විස්තර නැතිව අද පාඩමට යමු.
කලින් පාඩමෙන් අපි පරිගනකයේ කොටස් හඳුනා
ගත්තනේ. දැන් ඒවා වෙන් වෙන්ව විස්තර කරන්න සූදානම. මෙම කොටස යටතේ අපි
ඩෙස්ක්ටොප්/මිනි ටවර්, ටවර් (Desktop/Mini tower, Tower) වැනි පරිගනක
ගැනයි. පසුව අපි ලැප්ටොප්/නෝට්බුක් ගැන කතා කරමු.
පරිගනකයේ ප්‍රධාන ක්‍රියාකාරි කොටස වෙත
දැන් අපි යන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේ CPU යනුවෙන් හැඳින්වෙන System Unit එක
ගැනයි. මෙය ආවරණය (Casing) තුළ ඇති කොටස් ගණනාවකින් සමන්විත වේ. ආවරණය
සමගම ඇති බල සැපයුම හා අනෙක් විවිධ කොටස් අතර
මවු පුවරුව (Main board/ System board/ Mother board)
ප්‍රොසෙසරය (Processor)
සිසිලන පංකා (Cooling fans)
මෙමරි (Mamory/RAM)
හාඩ් ඩිස්ක් (Hard Disk)
CD/DVD ධාවකය (CD/DVD Device)
Expansion cards (Sound, Video Cards Etc)
ෆ්ලොපි ඩිස්ක් ධාවකය (Floppy disk drive
අන්තර්ගතය. කලින් ඒවා නම් කළානේ. එහෙනම් අද කියන්න යන්නේ casing එක ගැනයි.
පරිගනක casing එක අනුව විවිධ නම් වලින්
හඳුන්වනවා. Desktop, Mini tower, Micro tower, Full Tower ආදී වශයෙන්.
එමෙන්ම විවිධ වෙළඳ නම් යටතේ එන පරිගනක casing ඔවුන්ට ආවේණික විවිධ
ස්වරූපයෙන් දක්නට ලැබෙනවා.
පහත දක්වා ඇත්තේ එවන් casing කීපයකි.
මේ සාමාන්‍ය වෙළඳ පොලේ ඇති casing එකකි. එකලස් කරන පරිගනක සඳහා මේ ආකාරයේ ඒවා භාවිතා වේ.
එය පසු පසින් පෙනෙන්නේ මේ ආකාරයටයි.
HP Compaq dc7700 small form factor පරිගනකය. (පිටත ආවරණය ඉවත්කර)
HP ML-570 Tower (Server) ආවරණය ඉවත් කර
මෙම රූප අනුව බැලූවිට විවිධ ආකාරයේ casing ඇති බව ඔබට අවබෝධ වන්නට ඇත. මොන ආකාරයේ වුවත් casing එකක ඇති පොදු ලක්ෂණ වන්නේ
Power Supply එකක් පැවතීම.
Main board එප සවිකිරීමට අවශ්‍ය සම්බන්ධක (Mount) පැවතීම.
Expansion cards සඳහා ගලවා ඉවත් කිරීමට හෝ කඩා ඉවත් කිරීමට හැකි slot තහඩු. (casing එකේ පසු පෙනුම බලන්න)
ඉදිරි පස Power switch එක හා Rest switch එකත් Indicator LED පැවතීම.
අමතර Fan පැවතීම.
සිසිලනය සඳහා වා කවුළු පැවතීමයි
ඊට අමතරව විවිධ වෙඳළ නාම යටතේ නිපදවන
casing වල ඒවාට ආවේණික නිර්මාණ දක්නට ඇත. කොම්පියුටර් casing එක
සාමාන්‍යෙයන් නිපදවා ඇත්තේ ලෝහ හා ප්ලාස්ටික් භාවිතයෙන්. මීට වෙනස් ආකාරද
පවතී. ඒත් ඉතා ස්වල්පයකි.
පරිගනකයක system unit එකේ ඇති සියලු උපාංග
දරා සිටීමට casing එක නිර්මාණය කර ඇත. සාමාන්‍යෙයන් ජනප්‍රිය නාම යටතේ ඇති
casing වල තහඩු එකලස් කරන ඒවාට වඩා ශක්තිමත් බවත් පෙන්වයි. ඒවායෙන් තුවාල
වන්න ඇති අවස්ථා අඩුය. ඒ දාර සුමට ලෙස පැවතීමයි.. මේවායිනුත් සර්වර් සඳහා
වඩා සවිමත් තහඩු භාවිතාවේ.
System Fan
මේවායේ අමතරව ඇති Fan එක System fan ලෙස
නම් කෙරේ. ඇතැම් ඒවා බල සැපයුමෙන්ම විදුලිය ගන්නා අතර තවත් සමහර ඒවා main
board එකේ ඇති system fan power connector එකට සවි කරන්න සිදුවේ. එවැනි fan
වල වේගය main board එක මගින් පාලනය වේ. එනම් වැඩියෙන් රත්වන විට භ්‍රමණ
වේගය (RPM)* වැඩිය.
Power Supply
Power Supply ආකාර කීපයක් ඇත. කලින්
පැවතියේ AT Power supply වේ. ඒවා කෙලින්ම ස්විද් එකකින් ක්‍රියාත්මක වේ.
එහෙත් දැන් භාවිතා වන ATX Power supply ක්‍රියාත්මක වන්නේ Main board එකෙන්
ලැබෙනා සංඥාවක් මගිනි. මේවා විවිධ ආකාරයෙන් ඇති අතර භාවිතා කරනා Main
board එක අනුව එයට සම්බන්ධ වන Pin සැකැස්ම වෙනස් වේ. කාලයක්ම Pin 20ක
සම්බන්ධයක් පැවති අතර අලුත් ඒවා main board එකට සම්බන්ධ වන්නේ Pin 24කිනි.
ඒහෙත් ඒවායේ Pin 4ක් ඇත්තේ ප්‍රධාන සම්බන්ධයයෙන් වෙන් කල හැකි පරිදි නිසා
ඒවා පරණ P III, P V සඳහා වුවද සම්බන්ධ කළ හැකිය. ඒවායේ විභවයන් (Voltages)
වෙනසක් නැත. Main board එකට සවිවන සම්බන්ධකයට (Main board power connector)
අමතරව හාඩ් ඩිස්ක්, Optical drivers (CD/DVD ROM/RW) සඳහා බලය සැපයීමට
සම්බන්ධක (Connectors) මේවායේ ඇත. තවද PV සඳහා main board එකට සවිවන අමතර
pin 4ක 12V විදුලි සම්බන්ධකයක් ඇත. වෙළඳ නාම යටතේ එන (Branded Computers)
වල මේවායේ වෙනස් කම් පැවතිය හැක.
කලින් කියා ඇති පරිදි බහුලවම අනතුරු
සිදුවන්නේ මෙම casing එක හා සම්බන්ධ ක්‍රියාවන් හිදීය. ප්‍රධාන වශයෙන් slot
ආවරණය වන තහඩු කැබලි කඩා ඉවත්කිරීමේදි අත් තුවාල වීමට ඉඩ ඇත.
මෙය හා සම්බන්ධ කොටස් ගැලවීම හා සවිකිරීම ආදී තොරතුරු ඉදිරි පාඩම් වලදී බලාපොරොත්තු වන්න.
එහෙමනම් අද පාඩම මෙයින් අවසන්.
සදා ජය......
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment