Skype සදහා group video calls පහසුව එකතුවේ!!!!
මයික්‍රසොෆ්ට් නිවේදනය කරන්නේ තම Skype
සේවාව ඔස්සේ paid Premium subscribers මට්ටමේ භාවිතාකරන්නන් සදහා පමනක්
සීමාවී තිබූ group video calls පහසුව Windows desktop, Mac හා Xbox One
ආකාරයේ සියලුම භාවිතාකරන්නන් සදහා දැන් විවෘත බවයි. එම සේවාව සමග නොමිළේ
පැවති one-on-one video calling හැකියාවට වඩාත් ආකර්ශනීය බවක් මෙම නොමිලේ
ලැබිය හැකි සේවා ගොනුවට එක්වන නව අංගය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ලැබෙනු ඇති
බවටයි ආයතනය බලාපොරොත්තු වන්නේ. ආයතනය පවසන්නේ අනෙකුත් platforms සදහාද
මෙම පහසුව ලගදීම ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම group video
chat අංගය ඔස්සේ දැනට පුද්ගලයින් 10 දෙනෙකුට එකවර වීඩියෝ ආකාරයේ කථ බහක
යෙදෙන්නට හැකිවන අතර මෙය තන තරගකාර සගයාගේ Google Hangouts සේවාව සදහා
තරගයක් ලබා දෙන්නට සමත්වනු ඇති බවටයි විචාරනය වන්නේ.
වින්ඩෝස් Phone 8.1 සදහා මෑතක
දී Cortana digital assistant සමග පහසුවෙන් Skype එක විධානයක් යටතේ
ක්‍රියාත්මක කර වන්නටත් phone ඔස්සේ එකව සිටින සගයෙකුට පහසුවෙන් Skype
ඔස්සේ Video කථාබහකට කැදවන්නටත් හැකියාව ලැබෙන නව අගයක් පිලිබදව පෙර
සටහනක් මයික්‍රසොෆ්ට් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
සදා ජය.......
සදා ජය.......
No comments:
Post a Comment