පර්යේෂණයක් සඳහා සාමාන්‍යවැසියන් ලක්ෂ 2කගේ නිරුවත් ඡායාරූප හොරකම් කරලා
2008 වර්ෂයේ සිට 2012 දක්වා පැවති දැවැන්ත
පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා මිලියන ගණනක් Yahoo සාමාජිකයින්ගේ වෙබ් කැමරා
වල සටහන් වූ ඡායාරූප අනවසරයෙන් ලබාගත් බවට බ්‍රිතාන්‍ය විමර්ශණ ආයතනය
(GCHQ) වෙත චෝදනා එල්ලව සිටිනවා. වාර්තාවන පරිදි 2008 හි මාස 6ක පමණ කාල
සීමවක් තුලදී මිලියන 1.8ක පමණ පිරිසකගේ ඡායාරූප වෙබ් කැමරා හරහා ලබාගෙන ඇති
අතර ඒවා අතුරින් 3% ත් 11%ත් අතර ප්‍රමාණයක් නිරුවත් හෝ ලිංගික දර්ශණ
ඇතුලත් ඒවා වන බවද නිමානය කොට ඇත. ඒ අනුව ආසන්න වශයෙන් ලක්ෂ 2ක පමණ
පිරිසකගේ පුද්ගලික දර්ශණ මේ ජායාරූප ගොන්නට ඇතුලත් වනවා. මෙම ඡායාරූප
ලබාගෙන ඇත්තේ මුහුණේ ඉරියව් හඳුනාගැනීමේ තාක්ෂණය දියුණු කිරීමේ පර්යේෂණ
කටයුතු වලට වන නමුත් මෙලෙස පුද්ගල අවසරයකින් තොරව ඡායාරූප ලබාගැනීම
ආන්දෝලනාත්මක සිදුවීමක් වී තිබෙනවා. එය අන්තර්ජාල භාවිතකරන්නන්ගේ
පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමකි.
“A WHOLE NEW LEVEL OF VIOLATION OF OUR USERS’ PRIVACY.”

කෙසේ වෙතත් මේ සම්බන්ධ අදහස් දක්වමින්
Yahoo සමාගමෙන් නිළධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ මේ කිසිදු සිදුවීමක්
සම්බන්ධයෙන් Yahoo සමාගමේ මැදිහත් වීමක් නොමැති බව යි.
No comments:
Post a Comment