Friday, 5 September 2014

339. eBay හා PayPal වෙබ් අඩවි අනතුරේ. මුරපද වෙනස් කිරීමට උපදෙස්.

eBay හා PayPal වෙබ් අඩවි අනතුරේ. මුරපද වෙනස් කිරීමට උපදෙස්.




eBay වෙබ් අඩවිය අද දින සිය සාමාජිකයින්ට සියළුම මුරපද (password) වෙනස් කරන ලෙස ඉල්ලා සිටියා. eBay හා ඔවුන්ගේම වෙබ් අඩවියක් වන PayPal වෙබ් අඩවියේ blog පිටුවේ මෙම අනතුරු හැඟවීමේ පණිවුඩය සටහන් කර තිබුනේ සයිබර් ප්‍රහාරයක අවධානමක් ඇති බැවින් සියළුම මුරපද හා සමහර මූල්‍යමය නොවන තොරතුරු නිරාවරණය ඇතැයි යන සැකය නිසාවෙනි.

නමුත් මේ වනතෙක් කෙරුණු සමීක්ෂණයන් වලදී PayPal සාමාජිකයින්ගේ පුද්ගලික දත්ත වෙත කිසිදු හානියක් සිදුවූ බවට වාර්තා නොවේ. නමුත් eBay මුරපදය මෙන්ම PayPal වෙබ් අඩවියේ මුරපදයද වෙනස් කිරීමට උපදෙස් දී ඇති අතර eBay හෝ PayPal වෙබ් අඩවිය සඳහා යොදාගත් මුරපදය වෙනත් වෙබ් අඩවියක් සඳහා යොදා ඇත්නම් එම වෙබ් අඩවි වල මුරපද ද වෙනස් කිරීමටද ඔවුන් උපදෙස් දී ඇත. මේ නිරාවරණය සිදුවන්නට ඇත්තේ පසුගිය පෙබරවාරි හා මාර්තු මස අතරතුරදී බවයි වාර්තා වන්නේ

මෙම අනතුරු පිළිබඳ වැඩි විස්තර සඳහා eBay නිල බ්ලොග් අඩවිය ඔස්සේ ලබාගත හැක.

සදා ජය​.......


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment