Tuesday, 2 September 2014

328. තමන්ගේම අනුරුවක් 3D print කර මිලදීගන්න

තමන්ගේම අනුරුවක් 3D print කර මිලදීගන්න 



3D Printing එහෙමත් නැතිනම් ත්‍රිමාණ මුද්‍රණය මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්නට සමත් මාතෘකාවක් වී හමාරයි. මේ නව තාක්ෂණයේ පිහිටෙන් මෙතෙක් සිතාගැනීමට පවා නොහැකිවූ නිර්මාණ සබිහිකිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. තාක්ෂණික, අධ්‍යාපනික මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක වැනි විවිධ ක්ෂේත්‍ර වල දියුණුවට මේ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය උපකාරී වී තිබෙනවා. උදාහරණයක් විදියට නුදුරේ දී අපට අපගේ ශරීරාංග පවා මුද්‍රණය කරගැනීමට හැකියාව ලැබුණහොත් එ් ගැන පුදුම වන්නට අවශ්‍ය නැහැ.

සිතන්න ඔබට ඔබේම අනුරුවක් නිර්මාණය කරගන්නට අවශ්‍යයි කියා. එසේනම් දැන් ඔබට මේ ත්‍රිමාණ මුද්‍රණ (3D Printing) තාක්ෂණය හරහා ඒ කාර්යය පහසුවෙන් කරගන්නට පුළුවනි. Mini-Me ලෙසින් හැඳින්වෙන මේ සේවාව මේ වන විට අන්තර්ජාල ඔස්සේ අති මහත් ප්‍රසිද්ධියක් උසුලාගැනීමට සමත් වී ඇත. ආරම්භයේ දී චීනයේ නැංජින් නගරයේ එක් වෙළඳ සැලක පමණක් තිබූ මේ සේවාව දැනට ස්ථාන 11ක දී ලබාගත හැකි බව පැවසේ.

Pinla3D නමින් හැඳින්වෙන මේ උපකරණය භාවිතයෙන් මුලින්ම පාරිභෝගිකයාගේ ශරීරය scan කරන අතර පසුව අවශ්‍ය ප්‍රමාණයට එම සිරුර මුද්‍රණය කරගත හැකියි. සෙන්ටි මීටර් 25ක ප්‍රමාණයේ අනුරුවක් නිර්මාණය සඳහා දළ වශයෙන් ඩොලර් 580ක් හෙවත් රු 75000ක් පමණ වැය වේ. නමුත් ඔබට ඔබේ සිරුරේ ප්‍රමාණයටම එනම් 1:1 අනුපාතිකයට අනුරුවක් නිර්මාණය කරගැනීමට නම් ඩොලර් 28500ක් (ලක්ෂ 37ක් පමණ) වැයකිරීමට සිදුවේ.

මීට අමතරව Mini Me ලෙසින් ඔබේම අනුරුවක් සාදා දෙන සේවාවන් රාශියක් ලොව පුරා තිබුනත් මෙවැනි අඩු මුදලකට සාමාන්‍ය ජනතාව වෙත විවෘතවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් මෙලෙස තමාගේම අනුරුවක් නිර්මාණය කරගැනීම හෝ තමාගේ අනුරුවක් තෑගි ලෙස කෙනෙකුට ලබා දීම සුලබ දෙයක් වන දිනය වැඩි ඈතක නොවන බවනම් පැහැදිලි යි.







ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment