4G වලට වඩා 1000 ගුණයක් වේගවත් PCell තාක්ෂණය
2011 වර්ෂයේදී ස්ටීව් පර්මන් විසින් ආරම්හ කරනු ලැබූ Artemis නම් ආයතනය දැනට පවතින 4G තාක්ෂනයට වඩා සුපිරි වේගයක් සහිත රැහින් රහිත ජාලයක් නිර්මාණය කර හැකි PCell (Personal Cell) නම් තාක්ෂණික ක්‍රමවේදයක් සොයා ගෙන තිබෙනවා.
2011 වර්ෂයේදී ස්ටීව් පර්මන් විසින් ආරම්හ කරනු ලැබූ Artemis නම් ආයතනය දැනට පවතින 4G තාක්ෂනයට වඩා සුපිරි වේගයක් සහිත රැහින් රහිත ජාලයක් නිර්මාණය කර හැකි PCell (Personal Cell) නම් තාක්ෂණික ක්‍රමවේදයක් සොයා ගෙන තිබෙනවා.
දැනට භාවිතා කරන විශාල ප්‍රමාණයේ දුරකථන සම්ප්‍රේෂණ කුළුණු වෙනුවට භාවිතා කරන්න පුළුවන් ඉතාමත්ම කුඩා සම්ප්රේ්ෂණ උපකරණයක්
තමයි PCell කියන්නේ. මෙය පෞද්ගලික සිග්නල් කුළුණක් විදියටත් හදුන්වන්න
පුළුවන්. දැනට අප භාවිතා කරන යෝධ දුරකතන සිග්නල් කුළුණු වලින් දුරකථනයන්
වලට ලැබෙන සිග්නල් තැනින් තැනට ඇවිදින විට දුර්වල වෙනවා. එම කුලූන ඔබ
සමීපයේම පවතිනවානම් සිග්නල් මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා.
නමුත් අවාසනාවකට දැනට පලාතක්ම ආවරණය කරනු ලබන්නේ එක් කුළුණකින් පමණයි.
ඒවගේම දත්ත සම්පේ‍්‍රෂණය සදහා වැඩි දෙනෙක් එකම සිග්නල් කුළුණක් භාවිතා
කිරීමේදී ඒ හරහා වැඩි දත්ත ප්‍රමාණයක් සම්ප්‍රේෂණය නිසාද කුලූන overload
වීමක් වෙනවා.
නමුත් මෙම PCell කියන තාක්ෂනය නම්
ක්‍රියා කරන්නේ එයිට හාත්පසින්ම වෙනස් විදියකටයි. කුඩා පෙට්ටියක
ප්‍රමාණයකින් යුතු මෙම කුඩා උපකරණයන් ක්‍රියාකරන්නේ රවුටර් එකක් හා සමාන
විදියටයි. නිවසකට එකක් වෙන්න සවි කරන මෙම උපකරණය මගින් එම නිවසට සපයන
අන්තර්ජාල සේවාව ඉතාමත් ස්ථාවරව සැපයීමට සමත් වෙනවා. වැඩි දියුණු කරන ලද
ගුවන් විදුලි සිග්නල් ක්‍රමවේදයක් භාවිතා කරන මෙම තාක්ෂනයට හැකියාව
තිබෙනවා දැනට පවතින 4G තාක්ෂණයට වඩා දහස් ගුණයකින් වේගවත් අන්තර්ජාල
සේවාවක් තම පාරිභෝගිකයාට ලබා දීමට.
මේ තාක්ෂනයේදී භාවිතා කරන PWave
ගුවන්විදුලි තරංගයන් දත්තයන් සම්පේ‍්‍රෂණය කිරීම සදහා භාවිතා කරන්නේ
miliwatt 1 ක් පමණයි. එම හේතුව නිසා මෙම ජාලයත් සමග සම්බන්ධ වීමේදී
දුරකතයන් මගින් වැයවෙන්නේ ඉතාමත්ම සුළු බලයක් වෙන අතර නිරන්තරයෙන් තරංග
සෙවීම ද අවශ්‍ය වන්නේ නැහැ.
මෙම තාක්ෂණයේ පළමු පියවර තැබීම
සැන්ෆ්රැන්සිස්කෝ හීදී 2014 පළමු කාර්තුවේදී සිදු කිරීමට බලාපොරොත්තුව
සිටිනවා. එම සමාගම නිවෙස් වල වහලවල් 350 ක් පමණ PCell උපකරණයන් සවි කරමින්
මුළු නගරයම ආවරණය කිරීමටද බලාපොරොත්තු වන බව පැවසෙනවා. 2015 වසර වන විට
ලෝකවාසී ජනතාවටම මෙම සුපිරි වේගවත් ජාලයේ පහසුකම් අත්විදීමට හැකියාව තිබෙනු
ඇති බන නිෂ්පාදකයින් පවසනවා. නමුත් මේ තාක්ෂණය සාමාන්‍ය ජනතාව අතරට කෙසේ
ව්‍යාප්ත වන ඇත්දැත් තවමත් නිගමනය කරන්නට බැහැ.
මේ video එකත් බලන්න
No comments:
Post a Comment