Samsung Galaxy S5 ගැන සිංහලෙන්
DETAILS
TYPE = Smart Phones
MANUFACTURER = Samsung
PRICE RANGE = $800 - $999
PLATFORMS = Android
YEAR MANUFACTURED = 2014
සෑම වසරකට වරක් සැම්සුන් සමාගම විසින් සිය
නවතම තාක්ෂණය යොදාගනිමින් ජංගම දුරකථයක් නිකුත් කරන අතර Galaxy S ලෙස
මෙතෙක් නිකුත් වූයේ එම සුපිරි ජංගම දුරකථන මාලාවයි. එහි පස්වන සංස්කරණය
එනම් Galaxy S5 හඳුන්වාදීමට පසුගියදා ඔවුනට හැකිවූවා. ඒ Mobile World
Congress හීදී යි. එහිදී හඳුන්වා දුන් මේ නවතම ජංගම දුරකථනය මේ වසරේ
අප්‍රේල් මස 11 වන දින වෙළඳ පළට නිකුත් වුනා .
මේ නව ජංගම දුරකථනය නිර්මාණයේ දී දුරකථනයේ පෙනුම මීට පෙර Galaxy S4 හි
පෙනුමට ආසන්න ලෙස බැලු බැල්මට පෙනුනත් මෙය බොහෝ සෙයින් මීට ප්‍රථම
සංස්කරණයට වඩා තත්වයෙන් උසස් නිමාවකින් යුක්තයි.
මීට අමතරව Apple iPhone 5 හි මෙන් ඇඟිල්
සලකුණු වලින් දුරකථනය සක්‍රිය කිරීමේ පහසුකමද, හෘද ස්පන්ධන වේගය මැනීමේ
පහසුකමද සහිතයි. මීට අමතරව ඇන්ඩ්‍රොයිඩ් KitKat මෙහෙයුම් පද්ධතිය මඟින් බල
ගැන්මෙන මේ දුරකථනයේ UI පෙර පරිදිම TouchWiz UI වුවත් තරමක් දුරට Pure
Android පෙනුමට ආසන්න වී ඇති බවක් දැකිය හැක. එමෙන්ම පෙර දුරකථන මෙන් නොව
මෙහි S ලෙසින් නම් වූ ඇප් කිහිපයක් පමණක් ඇති නිසා ද, සැම්සුන් ජංගම දුරකථන
කෙමෙන් කෙමෙන් Nexus ආකාරයේ Pure Android ( එනම් Google මඟින් නිකුත් කරන
නිල Android මෙහෙයුම් පද්ධතිය ) ආකාරයට ආසන්න වෙමින් පවතී.
පෙර මෙන්ම තිරයේ ප්‍රමාණය 1080 එනම් FULL
HD වන නමුත් 432 ppi අති පැහැදිල් අඟල් 5.1ක විශාල තිරයකි. එමෙන්ම මීට
ප්‍රථම සැම්සුන් ජංගම දුරකථන භාවිත කරන්නන්ට අත් විඳීමට නොවූ දෙයක් වන
water resistance හා dust resistance බව හෙවත් දූවිල්ලෙන් හෝ ජලයෙන් හානි
නොවීම මේ ජංගම දුරකථනය ජනප්‍රිය වීමට හේතු වනු ඇතැයි විචාරකයන්ගේ මතයයි.
එමෙන්ම පසුපස ලෙදර් පෙනුමැති ආවරණය නිසා
මේ නව S5 ජංගම දුරකථනය Samsung Galaxy Note 3 ආකාරයේ පෙනුමක් ගෙන ඇත. නමුත්
පෙර සංස්කරණ වලට වඩා මෙහි ලෝහ පෙනුම ගන්නා පොලිකාබනේට් මිශ්‍ර වීදුරු
තන්තු වලින් නිමවූ බඳ කොටස වැඩි ආයුකාලයක් පවතිනු ඇති බව පැවසේ. එමෙන්ම
සැම්සුන් සමාගම PayPal හා එක්ව භාවිතාකරන්නාට සිය ඇඟිල් සළකුණ සළකුණු
කිරීමෙන් භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකමද සකසා දී ඇත. නමුත් මේ නව fingerprint
scanner මඟින් ජංගම දුරකථනය සක්‍රීය කිරීමට තරමක් වැඩි කාලයක් ගතවන බවද
පැවසේ.
කැමරාව පිළිබඳව කතාකරන විට 4K වීඩියෝගත
කිරීමේ හැකියාවක් ඇති ජංගම දුරකථන ගොන්නට නව S5 දුරකථනයත් ඇතුලත් වීම
සැලකිය යුතු පිම්මකි. එම පසුපස කැමරාවෙන් 16 MP ප්‍රමාණයේ ජායාරූප ලබාගත
හැකි අතර ඉදිරිපස කැමරාව 2MP Full HD කැමරාවකි.
No comments:
Post a Comment