Smart Phone ඔරිජිනල්ද? කොරියන්ද ? දැනගන්නේ මෙහෙමයි
දැන් හැම තැනම හොර Copy වැහි වැහැලා.
Samsung, HTC, Sony, LG සමහර ඒවා දැක්කම කොහොමවත්ම අදුනගන්න බෑ. දන්නේ
නැතුවම විසිදාහක්, තිස්තාහක් වැඩිපුර දීලා copy එකක් අරගෙන. මේක දැනට
ලංකාවේ අලුතෙන් Phone එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් කාලීන ගැටළුවක්. මේකෙන්
Phone වගේම Pad වලටත් check කරන්න පුළුවන්.
එහෙනම් පටන් ගනිමු.. මොකද්ද හොර copy වල වෙනස?
සමහර වෙලාවට camera quality සමාන වෙන්න
පුළුවන්. හැඩය 100% ක් සමාන වෙන්න පුළුවන්. Memory වගේම සමහර ලොකු features
වුනත් සමාන වෙන්න පුළුවන්. එහෙමනම් කොහොමද හොද එක හදුනාගන්නේ?
*. ඒකෙ තියන දේවල් බාහිරව බලා හදුනා ගැනීමෙන්.
*. Software එකකින් Original එකක් සමග සංසන්දනය (compare) කිරීමෙන්.
මේකට අපි මුලින්ම Internet connect වෙලා Play Store එකෙන් “Antutu Benchmark” App 1 download කරගන්න ඕනේ.නැතිනම් මෙතනින් අරගෙන ඔයාගේ phone එකට install කරගන්න.
ඔයාලට බලාගන්න පහසු වෙන්න Phone 1 න් ගත්ත Screen shot ටිකක් දාලා තියනවා.
දැන් software 1 open කරලා Test button එක click කරන්න. (මම මේක කලින් කල නිසා මගේ තියෙන්නේ Test again කියලා)
දැන් එන window එකෙනුත් Test දෙන්න.
දැන් ඔයාට දකින්න පුළුවන් 1% න් පටන්ගෙන
test එකක් යනවා. මේකෙන් කරන්නේ Original 100% complete phone එකක් (හෝ pad
එකක් )එක්ක ඔයාගේ එක compare කරන එකයි.
මේ test එකේ අතරමගදී ඔයාට මේ වගේ ඒවත් දකින්න පුළුවන්.
100% ඉවර වුනාම මෙහෙම එකක් වැටේවි. එතකොට
test එක ඉවරයි. දැන් result බලමු. මෙතන My device කියන එකක් එක්ක ඔයාගේ
phone එකට අගයක් එනවා. දැන් Details වලට යන්න. මෙතැන තියනවා CPU, RAM, 2D,
3D වගේ හැම දෙයකම හරි විස්තරේ තියනවා. කොරියන් (Fake) එකේ වෙනස.
ඒවගේ CPU එක ගොඩක් අඩුයි. RAM එක අඩුයි. දැන් ආයෙත් මුලට ගිහින් “Ranking” Tab එකට යන්න.
දැන් එතනම යට තියන “Ranking List” කියන එකට යන්න. එතන ඔයාගේ Phone model එක තියනවද කියල බලන්න.
තියනවනම් ඒකට ඉස්සරහ තියන “Compare” වලට යන්න.
දැන් ඔයාට පෙනේවි Original Phone එකත්
එක්ක ඔයාගේ Phone 1 Compare කරලා තියන List එකක්. ඔයාට පේනවා ඇති සමහර
Features ඔයාගේ එකේ අඩුයි කියලා. ඒත් සමහර Features ඔයාගේ වැඩිපුර තියෙන්න
පුළුවන්.
ඒ වගේම “Device Info” Tab එකට ගියොත්
Phone 1 Sensors, CPU,RAM, EMI, Memory, Display, Battery, Camera,
Software version වගේම හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. මේවා study කරලත්
ඔයාට කියන්න පුළුවන් මේක Originalද කියලා.
සැලකිය යුතුයි:
Original Phone (Pad) වල වුවද පෙන්වන්නේ 20%ක් දක්වා අඩු අගයකි. (සාමාන්‍ය අගයෙන් 80% ක්)
Ex: S4 phone 1 Original අගය 27,435 කි.
නමුත් අපට Original phone 1 ලෙස 27,435*80% = 21,948 වුනත් පිළිගන්න
පුළුවන්. මීට වඩා තව පොඩ්ඩක් අඩු වුනත් කමක් නෑ. එහෙම එකක් තියනවනම් අවුලක්
නෑ ඒක හොද එකක්. කවදාවත් අපිට ඒ Value එකම තියන Phone එකක් හොයන්න
අමාරුයි.
කොරියන් Phone වල වුවද 1st Quality
යනුවෙන් වර්ගයක් ඇති අතර එය Original වර්ගයකි. International එකෙහි ඇති සෑම
දෙයක්ම එහි ඇත. Made in China වලටද එසේම වේ. ඒ නිසා Phone 1 made country
එකෙන් හැම දෙයක්ම කියන්න බෑ..
(ලිපියේ අයිතිය ලහිරු ගුනසෙකර මහතාට හිමිවිය යුතුය .)
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment