Friday, 18 July 2014

100. Torrent ගැන මුලසිට - 4


Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු - 4


ටොරන්ට් වලින් ඩව්න්ලෝඩ් කරනකොට වේගය ප්‍රදානම වශයෙන් රදා පවතින්නේ අපි ඩව්න්ලෝඩ් කරන ෆයිල් එක ඇති පරිඝනක හෙවත් Seed පරිඝනක මතයි........හැබැයි Seed කොච්චර තිබ්බත් වැඩක් නෑ ඒ ගොල්ලන් Leeching කරල නම්.........Leeching කිරීම යනු එම ගොනුව ඩව්න්ලෝඩ් කිරීමෙන් අනතුරුව ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගයෙන් ඉවත් වීමයි...........එහෙම කරාම ඉතින් ටොරන්ට් එක තියෙන පරිඝනක ගාන අඩු වෙන නිසා ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙන වේගේ අඩු වෙනවා...........අපිත් මේ ගොනුව ඩව්න්ලෝඩ් කරගත්තේ තව කවුරුන් හෝ ඒ ගොනුව ලබා දුන් නිසා කියල හිතල Leeching කිරීම කරන්න එපා.........ඒක මෙම වටිනා ක්‍රමයේ පැවැත්මට ඉතාමත්ම වටිනවා........

ඔය Leeching කරන අය නොදන්න කාරනය තමයි අපේ IP මාර්ගයෙන් අපි ඩව්න්ලෝඩ් කර ප්‍රමානය සහ අප්ලෝඩ් කර ප්‍රමානය අනුව අපිට Ratio එකක් ලබා දීම.........එම Ratio එකේ තියෙන වටිනාකම තමයි අපේ අප්ලෝඩ් කිරීමේ ප්‍රමානය අනුව ඊලගට අපි ලබා ගන්නා ටොරන්ට් එකේ වේගය තීරනය වීම.......ඒ කියන්නේ අප්ලෝඩ් Ratio එක 01ට ආසන්න වූ විට ඊලගට අපි ඩව්න්ලෝඩ් කරන ටොරන්ට් එකට හොද වේගයක් ලබා දෙනවා........හැබැයි අපි Leeching කරොත් අපි බාන ටොරන්ට් වල වේගය එන්න එන්නම අඩු වෙනවා...........අපේ දැනට තියෙන Ratio එක බලා ගන්න ටොරන්ට් ක්ලයන්ට් එක විවෘත කරගෙන මේ විදාන වලට යොමු වෙන්න..........

Help -----> Show statistics 

ඊලගට තියෙන තවත් ක්‍රමයක් තමයි ට්‍රැකර්ස් මගින් වේගය වැඩි කර ගැනීම.............අපි ඩව්න්ලෝඩ් කරන ගොනුවට අදාල සියලුම ට්‍රැකර්ස් ටික පහසුවෙන් හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා........ඒ ක්‍රමේ තමයි අපිට අවශ්‍ය කරන ටොරන්ට් එක තෝරා ගැනීමෙන් පසුව පැමිනෙන පිටුවෙහි (thepiratebay,,,,,,kickasstorrents.com තෝරන්න එන පිටුව ගැනයි කියන්නේ ) යටට වන්න "µTorrent compatible list here" කියල එකක් ඇති..........


ඒක ක්ලික් කරාම නව පිටුවක් විවෘත වී අදාල ටොරන්ට් එකට අදාල සියලූම ට්‍රැකර්ස් බලා ගන්න පුලුවන්.............ඊට පස්සේ කරන්න තියෙන්නේ එම ට්‍රැකර්ස් ඔක්කෝම ටික කොපි කරගෙන ටොරන්ට් ක්ලයන්ට් එකේ ට්‍රැකර්ස් කියන Tab එකට යන්න............දැන් Add Tracker වලින් ගිහින් මේ ට්‍රැකර්ස් ඔක්කොම ටික පේස්ට් කරල දාන්න............


දැන් බලන්න ඩව්න්ලෝඩ් වේගේ වැඩි වෙන හැටි..............

ඔය ගොල්ලන් දැනට ඩව්න්ලෝඩ් කරමින් ඉන්න ගොනුවක ට්‍රැකර්ස් හොයන්න ඕන උනොත් General Tab එකේ තියෙන Hash මගින් හොයා ගන්න පුලුවන්............Hash එක කොපි කරගෙන ටොරන්ට් සර්ච් එකේ සර්ච් කරාම එම ගොනුවට අදාල පිටුව විවෘත වෙනවා..........ඉතිරි ටික ඉස්සෙල්ල වගේම තමයි කරන්න තියෙන්නේ..........(තව ක්‍රම ගොඩක් තියනවා මේ එක් ක්‍රමයක් පමනි)


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment