Thursday, 17 July 2014

093. Hard Drive Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු.

Hard Drive Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු.



මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.

  • මුලින්ම start ක්ලික් කරල run යන්න.
  • දැන් type කරන්න cmd කියල.
  • open වුනා නේද Command Prompt එක. හරි දැන් type කරන්න diskpart කරන්න. ඊලගට enter කරන්න.
  • හරි දැන් diskpart විවෘත වෙන්න ඇති බලන්න Command Prompt එකේ DISKPART> කියල තියනවද කියල.
  • ඊලගට Hard Drive Partition ටික list කරල බලන්න list volume කියල type කරල enter කරන්න.




දැන් Hidden කරන්න අවශ්‍ය Partition එකේ අකුර බලන්න. අපි හිතමු F කියල. ඒ Partition එක තෝරා ගන්න. ඒ සදහා select volume 2කියල type කරල enter කරන්න. මෙහි volume 2යනු අපි තෝරා ගනු ලැබූ Partition එකේ අකුරට අදාල Partition එකේ අංකය වේ.

දැන් ඉතින් Hidden කරමු. මෙන්න මේක ගහන්නකෝ. remove letter f කියල type කරල enter කරන්න. ඇත්තටම මෙහි වෙන්නේ Partition එකට අදාල අකුරැ ඉවත් කලාම එය windows වල my computer තුල පෙන්වනේ නැති වීමයි.

දැන් බලන්න my computer විවෘත කරල. වැඩේ හරි නේද...

දැන් ඉතින් හැංගුව වගේම අයේ පෙන්වන්නත් ඕනෙනේ. ඒ සදහා පෙර ලෙසම F Partition එක තෝරන්න. ඉන් පසු assign letter F ලෙස type කරල enter කරන්න. එතකොට Partition එක තිබුන වගේම පෙන්වනවා.


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment