Hard Drive එකක නියමිත ප්‍රමාණයට වඩා එහි ධාරිතාව අඩු වීමට හේතුව කුමක්ද කියා ඔබ දන්නවාද?
අලුතෙන් Hard Drive එකක් මිලදී ගෙන එය
පරිගණකයට සවි කල පසුව හැමෝම අත්දකින දෙයක් තමයි Hard Drive එකේ තිබිය යුතු
නියමිත ධාරිතාවට වඩා එහි ධාරිතාව අඩුවෙන් තිබීම. උදාහරණයක් විදියට ඔබ
මිලදී ගන්නවා 500GB Hard Drive එකක් නමුත් එහි සැබෑවටම තිබෙන්නේ 465.66GB
ක් පමණයි. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එය එසේ සිදු වීමට බලපාන හේතුව
කුමක්ද යන්න පිළිබඳවයි.
සමහර විට ඔබ මෙම කරුණ පිළිබඳව පුදුමයට පත්
වෙන්න ඇති එම Hard Drive නිපදවන අය විසින් දිගින් දිගටම එය කරගෙන යාම
පිළිබඳව. නමුත් මෙහිදී එම සමාගම් වැරදි නැහැ. වැරැද්ද තමයි අපි එය පිළිබඳව
නොදැනුවත් වීම.
Hard Drive නිෂ්පාදනය කර වෙළඳ පොලට නිකුත්
කරන එම සමගම් මගින් සලකන්නේ 1 මෙගාබයිට් එකක් කිලෝබයිට් 1000 ක් බවයි.
(1MB = 1000KB) මෙන්න මේ ව්දියට ඔවුන් ගණනය කිරීම කරන විට.
1. 1Mb = 1000KB
2. 1GB = 1000MB
3. 1TB = 1000GB
ඉහත තිබෙන ආකාරයට තමයි ඔවුන් ගණනය කිරීම් කරන්නේ.
නමුත් පරිගණකය ගණනය කිරීම් කරන්නේ මෙයට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. එනම් මෙම පහත තිබෙන පරිදි වේ.
1. 1Mb = 1024KB
2. 1GB = 1024MB
3. 1TB = 1024GB
මෙය සරලව පැහැදිලි කරගැනීම සඳහා අපි 500GB Hard Drive එකක් උදාහරණයකට ගනිමු.
Hard Drive නිෂ්පාදනය කරන එම සමාගම් විසින් ගනනනය කරන ආකාරයට ඇත්තටම 500GB කියන්නේ
500*1000*1000*1000 = 500000000000 bytes.
පරිගණකය විසින් ගණනය කිරීමේදී ඇත්තටම 500GB කියන්නේ
500*1024*1024*1024 = 536870912000 bytes.
Space Promised Displayed on acomputer Difference
100GB 93.13GB 6.87GB
250GB 232.83GB 17.17GB
500GB 465.66GB 34.34GB
1TB 931.32GB 92.68GB
2TB 1862.64GB 185.36GB
අන්න එම කරුණ නිසා ඔබ Hard Drive එකක්
පරිගණකයට සම්බන්ද කිරීමේදී 500GB Hard Drive එක දිස්වෙන්නේ 465.66GB පමණයි.
එම හේතුව නිසා 500GB Hard Drive එකෙන් (34.34GB ) ප්‍රමාණයක් අඩුවෙන් තමයි
දිස්වෙන්නේ.
සදා ජය........
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment