Monday, 28 July 2014

147. ජංගම දුරකථන ලෝකයේ බලය කාන්තාවට ද?

ජංගම දුරකථන ලෝකයේ බලය කාන්තාවට ද?





නවීන තාක්ෂණයත් එක්ක ජීවත් වෙන්නට වගේම, නවීන තාක්ෂණය ඉක්මනින්ම ඩැහැගන්නේ පිරිමි අය ලෙසයි මෙතෙක් ඔබ සිතන්නට ඇත්තේ. නමුත් නව ජංගම දුරකථනය හා බැඳුනු තාක්ෂණය ගැන සැලකිල්ලට ගත් විට නම් කාන්තාව බොහෝ දියුණු බවයි කියැවෙන්නේ.

අප හැමෝම දන්නා කරුණක් තමයි ගැහැණු පාර්ශවයේ අය බොහෝවිට Facebook, Twitter වැනි සමාජ ජාල වලට ඇබ්බැහිවීමේ වැඩි ප්‍රවණතාවක ඇති බව. බොහෝමයක් කාන්තාවන් දිනකට කිහිපවරක්ම විවිධ ඕපා දූපා සෙවීම සඳහා සමාජ ජාල වලට පිවිසීමට පෙළඹී ඇති බවද පෙනේ. ඒ වාගේම විවිධ වෙළඳ නාම (Brands) පිළිබඳව වැඩි කතාබහක් කාන්තාවන් අතර සිදුවන බවද, ඔවුන් භාවිත කරන ද්‍රව්‍ය, කැමති දේවල්, විවිධ පුවත් හා විවිධ උත්සව අවස්ථා පිළිබඳව, පිරිමින්ට වඩා වැඩි වශයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි තුල කතා කිරීමට කාන්තාවන් පෙළඹෙන බවද කියැවේ.

Alex Hillsberg විසින් විවිධ දත්ත අනුසාරයෙන් සාදන ලද පහත සටහනෙන් කියැවෙන්නේ අන්තර්ජාලය, සමාජ ජාල වෙබ් අඩවි හා නූතන තාක්ෂණය සඳහා කාන්තාවගේ දායකත්වයයි.

පිරිමින්ට වඩා 12% ක පමණ ප්‍රතිශතයක් කාන්තාවන් අන්තර්ජාලයට පිවිසීමට Tablet භාවිත කරන අතර ඉන් බහුතරයක් අන්තර්ජාලය ලෙස භාවිත කරන්නේ facebook, twitter, instagram වැනි සමාජ ජාල වෙබ් අඩවි පිරික්සීම සඳහා යි. එමෙන්ම facebook, Thumblr, Twitter, Pinterest, Instagram වැනි සේවා සියල්ලම වැඩි වශයෙන් භාවිත කරන්නේ කාන්තාවන් වන අතර පිරිමින් වැඩි වශයෙන් භාවිත කරන්නේ LinkedIn වෙබ් අඩවියයි.

මේ දත්ත ඇමරිකානු ජන සමාජය පදනම් කරගනිමින් කෙරුනු සමීක්ෂණයකින් හෙලිවූ දත්ත වුවත්, දැන් දැන් ලාංකික නාගරික ජන සමාජය තුලද මේ ලක්ෂණ දැකිය හැකි බැවින් පහත සටහන හොඳින් විශ්ලේෂණය කර බැලීම කාන්තාවන්ට මෙන්ම පුරුෂයින්ටද යෝග්‍යයි.




සදා ජය​.....


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment