ලැම්බොගිනි සුපිරි ජංගම දුරකථන
Tonino Lamborghini සමාගම විසින්
ලැම්බොගිනි මෝටර් රථ අනුසාරයෙන් ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. Antares
නමින් හඳුන්වා ඇති මේ ජංගම දුරකථනය Limited Edition හෙවත් සීමා සහිතව
නිෂ්පාදනය කරන ජංගම දුරකථනයකි. ලෙදර් හා ලෝහමය ආවරණයකින් නිමවා ඇති මේ ජංගම
දුරකථනය රතු, සුදු, කළු, දුඹුරු සහ නිල් යන වර්ණ වලින් ලබාගත හැක. Android
4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන මේ ජංගම දුරකථනයේ මිල
ඇමරිකානු ඩොලර් 4000ක් එනම් රුපියල් ලක්ෂ 5කටත් අධිකයි.
මෙය දැනට වෙළඳ පොලේ ඇති ප්‍රබලම ජංගම
දුරකථන ගොන්නේ නොතිබුනත් 1.5GHz quad-core ප්‍රො සෙසරයකින් බල ගැන්වෙන මෙය
සුඛෝපභෝගී ජංගම දුරකථන අතර හොඳම තේරීමකි.
අනෙකුත් බොහෝමයක් සුඛෝපභෝගී ජංගම දුරකථන
මෙන්ම Lamborghini ජංගම දුරකථනයේ ද අඟල් 4ක සීරීම් ආරක්ෂණයක් සහිත ස්පර්ශ
සංවේදී තිරයකින් ද, HD වීඩියෝ හැකියාව ඇති 5MP ඉදිරිපස කැමරාවකින් ද යන
පහසුකම් වලින් සමන්විතයි. ඒ හැරුණු කොට මේ ජංගම දුරකථනය අනෙකුත් සුඛෝපභෝගී
ජංගම දුරකථන වලින් වෙන්වන්නේ මෙහි ඇති උසස්, විශ්ෂ්ඨ පෙනුමකින් යුත් User
Interface එකයි.
13MP පසුපස කැමරාවක් සහ Flash එකක් සහිත
මේ ජංගම දුරකථනයේ ශබ්ද විකාශණ පද්ධතිය නිෂ්පාදනය කොට ඇත්තේ Yamaha
ආයතනයෙනි. 2GB Ram මතකයකින් ද 32GB අභ්‍යන්තර මතකයකින් ද බලගැන්වෙන මෙහි
මතකය 64GB දක්වා වැඩි කරගත හැක. අගනා ඇලුමිනියම් ආවරණයකින් වෙළඳපළට පැමිනෙන
මේ ජංගම දුරකථනය මේ වන විට චීනය, ඇමරිකාව හා බ්‍රිතාන්‍ය වෙළඳපළට නිකුත්
කොට හමාරය.
එහෙනම් සදා ජය..........
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment