Saturday, 20 September 2014

414. ආදරවන්තයන්ගේ ඉබි අගුල් පාලම

ආදරවන්තයන්ගේ ඉබි අගුල් පාලම


ඇතැමුන් එය හඳුන්වන්නේ ආදරයේ සංකේත ලෙසිනි. ඇතැමුන්ට එය මලකඩ වලින් පිරි අශෝභන දර්ශනයකි. ප්‍රංශයේ පැරිස් නුවරට එන ඕනෑම සංචාරකයකුට පාලම් ආශ්‍රිතව දැක ගත හැකි වන මේ දසුනට ඇත්තේ වසර දා හතරක් තරම් කෙටි ඉතිහාසයකි. බොහෝ දෙනා “ආදර ඉබි අගුල්” ලෙස හඳුන්වන මේ නිර්මාණ මේ වනවිට මතභේදයට ලක් වී ඇත්තේ එමගින් මතුව තිබෙන පාරිසරික ගැටලු හේතුවෙනි.
එහෙත් මේ වන විට පැරිස් නුවර ජනතාව වැඩි වශයෙන් ගැවසෙන විවිධ පාලම් ආශ්‍රිතව ද මේ ආදර ඉබි අගුල් සංස්කෘතිය දැක ගත හැකි ය. එහෙත් ආදරය මල්ඵල ගැන්වීමට නම් හොඳම ස්ථානය පොන්දෙසාර් පාලම බව ආදරවන්තයින්ගේ විශ්වාසයයි.
ඒ නැපෝලියන් බොනපාර්ට්ගේ පාලන සමයේ ය. 1976 වසර වන විට පාලමේ තිබෙන අඩුපාඩු කිහිපයක් හඳුනාගැනෙන අතර, 1979 වන විට එහි කොටසක් කඩා වැටෙන්නේ පාරුවක් පාලමේ ගැටීමත් සමගිනි.

ඒ අනුව ආරුක්කු නවයක්ව තිබු පාලමට වෙනස් කමක් සිදු කරමින් ආරුක්කු හතක් සමගින් යකඩ වෙනුවට වානේ යොදා යලිත් මේ පාලම ඉදිකර ජනතාවට විවෘත කරන්නේ 1984 වසරේදී ය. ආදර ඉබි අගුල් යෙදීම ආරම්භ වන්නේ ඒ සමඟ ය. 2000 වසර වන විට එය උන්මාදයක් ලෙසින් පැතිරී ගියේ ය. අද දක්වාම එය අඛණ්ඩව සිදු කෙරේ.

වසරක ආදරවන්තයන් දහස් ගණනක් , ඇතැම් විට විදෙස් රටවල සිට පවා පැරිස් නුවර පොන්දෙසාර් පාලම වෙත ඇදී එන්නේ වන්දනාවක යන බැතිමතුන් සේ ය. එලෙස පැමිණෙන ආදරවන්තයන් මිලට ගන්නා ඉබි අගුලේ තමන් දෙදෙනාගේ මුල් නම් සටහන් කරයි.

එය පොන්දෙසාර් පාලමේ එල්ලා කිසිවෙකුටත් සොයා ගත නොහැකි වන අයුරින් යතුර සෙන් නදියට විසි කිරීම සම්ප්‍රදායයි. ඉන් සංකේතවත් කෙරෙන්නේ ඉබි අගුල නොඇරීමට හැකි අයුරින්ම තම ආදරය ද නොනැසී පවතී යන්නයි. ආදරවන්තයන්ගේ මේ චාරිත්‍රය හේතුවෙන් පොන්දෙසාර් පාලමේ ගරාදි වැටෙහි වසරකට එක් රැස් වන ඉබි අගුල් ගණන ලක්ෂ 7කට ආසන්න ය.

ඒ අනුව ඉබි අගුල්වල බර ද පොන්දෙසාර් පාලම දරා සිටිය යුතු ය. එය ආසන්න වශයෙන් ටොන් 93ක් පමණ වන බව කියැවේ. පාලමට අවදානමක් මතුව ඇත්තේ මේ හේතුවෙනි. ඊටත් අමතරව ඉබි යතුරු සෙන් නදියට විසි කිරීම සහ කල් යත්ම ඒවා මල බැඳී දිරා පත් වීම හේතුවෙන් ගංගාවේ ජලය අපිරිසුදු වීම හරහා මතු වෙමින් තිබෙන්නේ දැඩි පාරිසරික අර්බුදයකි.
සදා ජය​........

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment