Saturday, 20 September 2014

415. විදුලිය නිපදවා ගැනීමට භාවිත කරන අමුතුම උපක්‍රම කිහිපයක් සමග පරිසර හිතකාමී නිර්මාණ කිහිපයක්

විදුලිය නිපදවා ගැනීමට භාවිත කරන අමුතුම උපක්‍රම කිහිපයක් සමග පරිසර හිතකාමී නිර්මාණ කිහිපයක්

wall outlet


විදුලි බලය නිපදවීමට ලෝකයේ විවිද ක්‍රම භාවිතා කළත් ජල විදුලිය, සුළං, උදම් බලය, සූර්ය ශක්තිය හැරුන කොට ඛනිජ තෙල් දහනය හෝ න්‍යෂ්ඨික බලය භාවිතා කිරීම වියදම් අධික මෙන්ම පාරිසරික අවධානමක් ඇති ක්‍රම ලෙස නම් කළ හැකියි. මේ ක්‍රම වලට වඩා කුඩා පරිමාණයේ විදුලිය නිපදවීමේ ක්‍රම ලෝකයේ බෝහෝ ස්ථාන වල භාවිතා කළත් ඒවා පිළිබදව ලෝකයට දැන ගන්නට ලැබෙන්නේ අඩුවෙන්. මෙලෙස කුඩා පරිමාණයේ වගේම පාරිසරික වශයෙන් හිතකාමී ක්‍රම කිහිපයක් පිළිබදව අප එදිනෙදා භාවිතා කරන සම්පත් කිහිපයක් නැවත නැවත සහ පාරිසරික වශයෙන් හිතකාමී ලෙස භාවිතා කරන අවස්ථා කිහිපයක් ගැනත් ඔබට කියන්නට මෙම ලිපිය ලිව්වා.



නොමිලේ කා විදුලිය නිපදවා දෙන්න.

මෙසේ නොමිලේ සප්පායම් වී ඒ වෙනුවෙන් විදුලිය නිපදවාදීමේ අවස්ථාව ලබාදී තිබෙන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර The Crowne Plaza හෝටලයේය. මෙම අවස්ථාව එහි නවාතැන් ගන්නා අමුත්තන්ට පමණක් ලැබෙන බව පවසන අතරම ඔවුන්ට නොමිලේ ආහාරපාන ලබා ගැනීමට $36 (26 euros; £23)ක වවුචරයක් ලබා දෙනු ලැබේ. මෙයට හිලව්වීමට ඔවුන් කළ යුත්තේ හෝටල‍යේ විදුලිය උත්පාදනය කිරීමේ යන්ත්‍ර අමුනා ඇති ව්‍යායාම බයිසිකලයක් පැද වොට් 10 ක විදුලියක් නිපදවාදීමයි.

මෙම දත්ත මැන ගැනීමට iPhones උපකරණ බයිසිකලයට සවිකර තිබෙන අතර කෝපන්හේගන් නුවර වැසියන්ගෙන් 30% ක් තම ශරීර සෞඛය ගැන සිතා බයිසිකල් පැදීමේ කාර්යයේ පුරුද්දක් ලෙස නියැලෙන නිසා මෙම වැඩ පිළිවෙල වසරක කාලයක් සදහා දියත් කළ බව අදාල හෝටලයේ පරිපාළනය පවසා තිබෙනවා.

කඩදාසිless, තීන්තless සහ සම්පූර්ණයෙන්ම Reusable මුද්‍රණ යන්ත්‍රය

‍කව්ද කියන්නේ computer printout එකක් ගන්න කඩදාසි, Toner/Ink ඕනමයි කියලා. දැන් එහෙම ඕන නැහැ. PrePeat කියන printer එක ඊට විසදුමයි.

මෙහි භාවිතා වෙන්නේ thermal head එකක්. ඒකෙන් විශේෂිත Polyethylene terephthalate හෙවත් PET කියන ප්ලාස්ටික් වර්ගයෙන් නිපදවූ පත්‍ර වර්ගයේ අදාල මුද්‍රණය සිදු කිරීමෙන් තමයි අපි සුපුරුදු ලෙස භාවිතා කරන මුද්‍රණ කාර්යය කර දෙන්නේ. මේ ප්ලාස්ටික් පත්‍ර මත ලියන දෙක් පහසුවෙන්ම මකා දැමිය හැකි නිසා නැවත නැවත ඒවා අදාල කාර්යයට යොදා ගන්න හැකි බවත් පැවසෙනවා. එය විවිද උශ්නත්වයන් යොදා ගෙන පත්‍රමත ලිවීමෙන් මකා දැමීම හෝ නැවත ලිවීමට හැකි බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් 1000 වාරයක් පමණ එක පත්‍රයක් මකමකා භාවිතා කළ හැකි බව පැවසෙතත් මේවාට යොදන්න වෙන බරපැන නම් සුළුපටු නැහැ.Printer මිළ $5,600 ක්. ඒ කියන්නේ රුපියල් වලින්ම ගත්තොත් දළ වශයෙන් රු.725,000/= ක් පමණ. ඒවිතරක්ද මේකට භාවිතා කරන ප්ලාස්ටික් පත්‍රයක මිළ $3.36 ක් (රු.450/= ක් විතර). ඉතින් අන්න ඒ බරසාර මිලත් දරන්න පුළුවන් නම් මේ Printer එක නරක නැහැ.

පරිසර හිතකාමී හරිත වර්ණ වහල

මේ හරිත වර්ණ අමුතුම වහල දකින්නට ලැබෙන්නේ සිංගපූරුවේ Nanyang තාක්‍ෂනික විශ්වවිද්‍යාලයේදිය. වහල මත පවා පොළම මත මෙන් නිදහසේ ඇවිදීමට හැකි තණකොල ඇති මතුපිට මෙන්ම එම ගොඩනැගිල්ලේ මධ්‍යයේ ඇති වැහිදියෙන්ම පිරෙන පොකුණු ආදිය නිසා දැනෙනා සිසිලසෙන් වායුසමීකරණ යන්ත්‍රවලට පැවරී ඇති වැඩරාජකාරී අවම කර ඇතිවාට සැක නැහැ.










ඔබ අත සෝදා ඉවත ලන දිය ජීවය රැකදෙන ගසකට ලබා දෙමු

පොලිශ් කරනා ලද කොන්ක්‍රීට් වලින් නිම කළ මෙම sink එක භාවිතයෙන් ඔබ අත සෝදා ඉවත ලන ජලය ඔබ ආසා කරන මල් පැලයට භාවිතා කළ හැකිය.


නට නටා විදුලිය නිපදවමු

මේක තිබෙන්නේ ලන්ඩන් වල Surya කියන bar එකේ වන අතර මෙහි පොළව සාද ඇත්තේ springs යොදා විශේෂ ආකාරයකටයි. මේ පොළම මත සිට ඉවක් බවක් නැතුව රෑට නටන විට ඇති වන තෙරපුම ආධාර කර ගනිමින් විදුලිය උත්පාදනය කරගනු ලැබේ.








දියකාවෙක් වගේ වතුර නනා හිටිය කාලය ඉවරයි?


නාන්න ගිහින් ඕනවට වඩා වතුර නාස්ති කරන එක වලක්වන්න  Tommaso Colia කියන නිර්මාණකරුවා අළුත් සොයා ගැනීමක් කරලා ඉවරයි. 

මෙය නමින් හදුන්වන්නේ eco_drop shower කියලයි. ඕනවට වඩා වතුර නාස්ති කරලා නානවානම් මේ පුවරු ඉහලට එසවිලා දැන් නැවා ඇතියයි ඔබට අඟවා මේ බාධක මැද ඔබට නාන එක එපා කරවාවි.

ඔ‍බගේ විදුලි නාස්තිය කේන්තියෙන් කියනා ස්විචය

බලශක්තිය ඉතිරි කරගැනීමත් දැන් කුඩා වියේ සිටම දරුවන්ට කියා දිය යුතු මාතෘකාවක් වෙලා. කුඩා දරුවන්ට මේ පාඩම කියාදෙන්න වගේම වැඩිහිටියන්ටත් අමතක වෙලා පැය ගානක් දල්වලා තියෙන විදුලි බුබුළු ගැන වර්ණවත් ලෙස අප්‍රසාදය පළ කරන්නට තැනූ ස්විචියක් ගැන තමයි මේ. මෙය නිපදවා තිබෙන්නේ Tim Holley නම් අයෙක් විසින් වන අතර ඔහු මෙය නම් කර තිබෙන්නේ Tio ලෙසයි. 

ටිකක් අමුතු හැඩයක් ඇති මෙම ස්විචය සම්බන්ධ විදුලි බුබුළු පැයකට අඩු කාලයක් දැල්වී පවතී නම් කොළ වර්ණයෙනුත්, පැය හතරකට වඩා නම් තැඹිලි සහ පැය අටකට වඩා නම් රතු පැහැයෙන්  ඇහැට දැනෙනා ලෙසත් වර්ණවත් වීම සිදුවන අතරේම මෙම ස්විච පරිගණකයකට ඒ වෙනුවෙන් තැනූ වැඩසටහනක් ආධාරයෙන් සම්බන්ධ කර ඇති නිසා කොපමණ විදුලිය ප්‍රමාණයක් ඉතිරි කළාද වැනි තොරතුරු දරුවන්ට සිත්ගන්නා සුළු ආකාරයකට දැන ගැනීමටත් සලස්වා තිබෙනවා. එම පරිගණක වැඩ සටහන ඔහු නම් කර තිබෙන්නේ “virtual tree” නමින්.


ස්ටේප්ලර් කටු නැති ස්ටේප්ලරය

අපි නොහිතුවට ස්ටේප්ලර් කටුත් පරිසරයට වදයක් බවයි පැවසෙන්නේ. මේ තත්ත්වය දුරු කිරීමට ස්ටේප්ලර් කටු භාවිතා නොවන ස්ටේප්ලරයක් නිපදවා තිබෙනවා.කටු වලින් අමුනනවා වෙනුවට එකට එකතු කිරීමට ඇවසි කඩදාසි වල සාදන කුඩා සිදුරක් සහ ඒවා එකට ඈදීමේ උපක්‍රමයක් මගින් කටුවලින් කරනා කාර්යය කරනා බවයි පවසන්නේ.


ඔබගේ iPhone හි බැටරිය ආරෝපණයට විදුලි බලය අත්‍යාවශ්‍යම නැත!

මෙහි ඇති අඩුව වැනි උපකරණය මිරිකීමෙන් ඔබගේ iPhone හි බැටරිය ආරෝපණය කර ගත හැකි බව පැවසේ.


සදා ජය​......

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment