Saturday, 20 September 2014

413. පරිගනක ලොව වෙනස් කල දක්ශයෝ

පරිගනක ලොව වෙනස් කල දක්ශයෝ


අද ලිපිය පටංගන්න කලින් කියන්න දෙයක් තියනව​.මට ලැබුනු එක් ඉමේල් පනිවිඩයක තිබු විශේෂ දෙයක් එහි මෙන්න මෙහෙම සදහනක් තිබුනා
''දැනුම ගන්න මිටවඩා හොද තැනක් කොහෙද​''

මෙය එවා තිබුනේ පාසල් ගුරුවරයෙක් මම සම්පුර්න ලිපිය ඉදිරිපත් කරන්නේ නැ ඔයාල​ගේ කාලය ඉතිරිකරගන්න ඕන නිස​,ඇත්තට මට ගොඩක් සතුටූයි මගේ මහන්සියේ ප්‍රතිඵල තියන නිසා එහෙනම් අපි අද ලිපියට යමු....
අද මම පෙන්නන්න යන්නේ පරිගනක ලොවේ දස්කම්පෑ විවිද පුද්ගලයන්ගේ ඡායාරූප කිහිපයක්.කිහිපයක් කිව්වට ඉතින් මෙතන  ගොඩාක් තියෙනවා.බලන්නකෝ එහෙනම්.....
Vint Cerf and Bob Kahn
අද භාවිතාවෙන TCP/IP ප්‍රොටෝකෝලය නිර්මානය කලේ  මෙම දෙදෙනායි. මෙය පරිගනක කිහිපයක් අතර තොරතුරු හුවමාරු කිරීමෙදි භාවිතාවෙන ප්‍රදානතම ප්‍රොටෝකෝලයකි.
 

Tim Berners-Lee
 අන්තර්ජාලයේ පියා ලෙස සැලකේ.තවද මුල්ම වෙබ් client සහ server එක නිර්මානය කරන ලදි.


Ray Tomlinson
විද්යුත් තැපෑලේ පියා ලෙස සලකේ. අදුනනවාද බලන්න.
තවද විද්යුත් තැපෑල මගින් විවිද රටවල්,ස්තාන,පුද්ගලයින් අතර ලිපි හුවමරුවට ඔහුගෙන් සිදුවූයේ අගනා සේවයකි.එමෙන්ම් විද්යුත් තැපෑල සදහා @ සලකුණ යෙදීමද සිදුවිය. 

 


Michael Hart 

විද්යුත් පොත්(e-books)වල පියා ලෙස සැලකේ.



Gary Thuerk
 මුල්ම spam එක නිර්මානය කරන ලදි.මෙම spam යනු අතීත marketing technique එකකි.ඔහු arphanet  එක භාවිතයෙන් විශාල පාරිභෝගිකයින් ගණනකට  විද්යුත් ලිපි යවන ලදි.





Scott Fahlman 

මුල්ම emoticon එක සාදන ලදි.ඉතින් ඔයාල chat කරනකොට emoticon දාද්දි මෙයාව මතක් කරන්න අමතක කරන්න එපා.
 



Marc Andreessen

Netscape Navigatorරය සොයා ගත් තැනැත්තා. 
ඔහුගේ Browsweරයේ මුල්නම Mosaicවුන අතර පසුව එහිනම Netscape Navigator ලෙස යොදා ගන්නා ලදි.
  


Jarkko Oikarinen

මුල්ම  real-time online chat tool  එක තනන ලදි.එය Internet Relay Chat නමින් හැදින්වේ.ඉරාකය විසින් කුවේටය අක්‍රමනය කරන විට radio සහ tV signals නවත්වන ලද්දේ මෙම IRC තාක්ශනය මගිනි.


 Robert Tappan Morris

මුල්ම warm වර්ගයේ වයිරසය නිර්මානය කරන ලදි.
  



David Bohnett
Geocities නිර්මානය කරන ලදි.David bohnett සහ Jognresner එකතුව Geocities නිර්මානය කරන ලදි.ඔහු අන්තර්ජාලය තුල සැමට නොමිලේ homepages සැපයීමට  මූලිකත්වය ගන්නා ලදි.
  


Ward Cunningham 
මුල්ම Wiki නිර්මානය කිරීමට පුරෝගාමීවිය .අමරිකානු ජාතික programmerකෙනෙකු වන මොහු මිනිසුන්ට සහයෝගයෙන් online pages සෑදීමට හැකියාව ලබාදෙන ලදි.
 

  

Sabeer Bhatia

hotmail නිර්මානය කරන ලදි.

   



Matt Drudge

The Drudge Report නැමති ජනප්‍රිය news website එක තනන ලදි.වැඩිදුර විස්තර සදහා මෙම විකිපීඩියා වෙබ් අඩවියට පිවිසෙන්න.
 




Larry Page and Sergey Brin 


 ලොව ජනප්‍රියම වෙබ් අඩවියක් වන google ආරම්භ කරන ලදි.අද අන්තර් ජාලය පාවිච්ච් කරන්නන්ට නැතුවම බැරි වෙබ් අඩවියක් බවට google  පත්ව ඇත.අන්තර් ජාලය තුල search කිරීමේ විප්ලවයක් කල දෙදෙනෙක් ලෙස මොවුන් දෙදෙනා හැදින්විය හැක.මුල් අවදියේදී ඔවුන් තම පුද්ගලික මුදල් ආයෝජනය කර google වෙබ් අඩවිය පවත්වාගෙන ගියද එය ඉක්මනින් ජනප්‍රියවීම හේතුකොටගෙන පවතින සම්පත් මදිවිය.එමනිසා ඔවුන්ට පුද්ගලික ආයෝජන පවා ලබාගැනීමට සිදුවිය.නමුත් අදවනවිට ඔවුන් විශාල ප්‍රගතියක් ලබා මහාපරිමාන සමාගමක් ලෙස අන්තර්ජලය හරහා ලොවේම අනසක පතුරා ඇත.

 


  
Bill Gates

 මෙයා ගැනනම් ඉතින් කියන්න දෙයක් නැහැ.මුලුලොවම දන්නා පරිගනක රජු ලෙස හදින්විය හැක.
 

Steve Jobs


 සුප්‍රකට ඇපල් සමාගම් ආරම්භ කරන ලදි.
 




David Filo and Jerry Yang
සුප්‍රකට yahoo සමාගම් ආරම්භ කරන ලදි.


 Peter Thiel
සුප්‍රකට paypal වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
  


Pierre Morad Omidyar

 ඔයාලත් මෙයාගෙන් බඩු අරන් තියෙනවද බලන්න.මෙයාතමයි ebay වෙබ් අඩවිය ආරම්භ කලේ.
 



Jimmy Wales

 Wikipedia encyclopaediaඑක ආරම්භකලේ මෙයා තමයි.
 

  
Stewart Butterfield and Caterina Fake.

Flickr වෙබ් අඩවිය ආරම්භ කලේ මෙයාලයි.
 



Niklas Zennstrom

  skype කිව්වහම ඇති.හැමෝම දන්නවනේ.
 


 Bram Cohen

 ඔයාලත් Bit Torrent use කරනවද?මෙයා තමයි ඒක හොයාගත්තේ. 
 


Matt Mullenweg 

 බ්ලොග් ලියන ඔයාලට WordPress අලුත් නැහැනේ මෙයා තමයි ඒක හොයාගත්තේ.
 


Chad Hurley, Steve Chen, and Jawed Karim 

මෙයාල තමයි ලෝකයට youtube දායාද කලේ.


Julian Assange

මේ WikiLeaks අඩවියේ නිර්මාතෘවරයා.
 

 
Mark Zuckerberg

 ජනප්‍රිය Facebook වෙබ් අඩවිය නිර්මානය කරනලදි. 
 


Jack Dorsey 

 ජනප්‍රිය Twitterවෙබ් අඩවිය නිර්මානය කරනලදි. 
 

සදා ජය​.......

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment