ජීවය පැවතිය හැකි පිටස්තර ලෝක හතරක් පිළිබඳව නාසා ආයතනය හෙළි කරයි.
මෙම ග්‍රහයින් වැඩි දෙනෙකු සොයා ගෙන ඇත්තේ ස්වාධීන පර්යේෂකයින් වන අතර පසුව නාසා ආයතනය සමග එක්ව කෙප්ලර් දුරේක්ෂය ආධාරයෙන් මේවායේ පැවැත්ම තහවුරු කර ගෙන ඇත.2009 දී අභ්‍යවකාශ ගත කල මෙම දුරේක්ෂය මගින් මේ වන විට තාරකා 160,000 කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර ඇත.
"අපි මේ වන විට මිනිසා දැන සිටින ග්‍රහයින් ප්‍රමාණය මීට දශක කිහිපයකට පෙර දැන සිටි ප්‍රමාණයට වඩා දෙගුණයකින් පමණ වැඩි කර තිබෙනවා" මෙසේ පවසන්නේ නාසා ආයතනයේ පිටස්තර ග්‍රහලෝක සම්බන්ධ විද්‍යාඥයෙකු වන ජැක් ලිෂර් (Jack Lissauer) විසිනි."අපි තවමත් කෙප්ලර් දුරේක්ෂය මගින් සොයා ගත් සියලුම ග්‍රහයින් පරීක්ෂා කර අවසන් නැහැ.අපිට තව කාලය අවශ්‍යයි.අනාගතයේදී පෘතුවියට සමාන තවත් ග්‍රහයින් සොයා ගැනීමට අපට හැකි වේවි" ඔහු වැඩි දුරටත් පවසයි.
නාසා ආයතනය පවසන මෙම විශේෂ ග්‍රහයින් සිව් දෙනාගෙන් විශාලම ග්‍රහයා ප්‍රමාණයෙන් පෘතුවිය මෙන් සිව් ගුණයක් පමණ විශාල වේ.විශේෂත්වය වන්නේ මෙම ග්‍රහයින් සිව් දෙනාම අදාළ තාරකාවේ සිට ජීවය පැවතීමට සුදුසු දුරකින් එනම් ද්‍රව තත්වයේ ජලය පවත්වා ගැනීමට අවශ්‍ය උෂ්ණත්වය ලැබෙන දුරකින් පිහිටා ඇත.මේ හැ.ර වෙනත් තොරතුරු මෙතෙක් නාසා ආයතනය විසින් හෙළි කර නොමැත.
No comments:
Post a Comment