F1 සිට F2 දක්වා Keys වලින් කල හැකි දේවල් දැනගන්න
සැම පරිගණකයකම F1 සිට F2 දක්වා Keys තියනවා. එත් 80%ක් දෙනා දන් නැ මේවගෙන් මොනවද ඇත්තටම වෙන්නේ කියල . මේ වලට කියන්නේ Function keys කියල.
මේවගෙන් අපිට ගොඩක් කෙටි විදිහට වැඩ කරගන්න පුළුවන්. නමුත් ඒ රාජකාරි
මෘදුකාංගයෙන් මෘදුකාංගයට විවිධාකාරයි. මබ එක් එක් යතුරෙන් වන්නේ කුමන
කාර්‍ය දැයි නිසියාකාරව දන්නවානම් වැඩි ඵළදායිතාවයකින් පරිගණකය හැසිරවීමට
ඔබට හැකි වේවි.
කියවලම බලන්නකෝ එහෙනන්.
F1
- සෑම මෘදුකාංගයකම පාහේ දක්නට ඇති Help පිටුව විවෘත කරගැනීමට.
- වින්ඩෝස් යතුර සමඟ F1 එබූ විට Windows help and support center විවෘත කරගත හැකියි.
F2
- වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළදී සිලෙක්ට් වී ඇති ෆෝල්ඩරය රීනේම් කිරීම සඳහා.
F3
- වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සර්ච් කිරීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.
- බොහෝ බ්‍රවුසර් වල Find විධානය ක්‍රියාත්මක කර ගැනීමය.
F4
- බොහෝ දෙනා භාවිත කරන ලෙසටම Alt+F4 මගින් දැනට ඇති ඇක්ටිව් වින්ඩෝ එක වසා දැමිය හැකියි.
- සියළුම වැඩසටහන් වසා දමා ඇත්නම් shut down මෙනුව ලබා ගත හැකියි.
- වින්ඩෝස් එක්ස්ප්ලෝරර් මත address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.
F5
- සෑම බ්‍රවුසරයකම පාහේ refresh විධානය ක්‍රියාත්මක කිරීම.
- වින්ඩෝස් වල refresh විධානය ක්‍රියාත්මක කිරීම.
F6
- වින්ඩෝස් වලදී ටාස්ක්බාර් එකේ අයිකන් හා ඇක්ටිව් වින්ඩෝ එක අතර මාරු වීමට.
- සෑම බ්‍රවුසරයකම පාහේ address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.
F7
- ෆයර්ෆොක්ස් තුළ Caret browsing ක්‍රියාත්මක කිරීමට. (යතුරු පුවරුව මගින් සිලික්ට් කිරීමේ හැකියාව)
F8
- පරිගණකය බූට් වන අවස්ථාවේදී බූට් මෙනුව ලබා ගැනීමට. (සේෆ් මෝඩ් වෙත පිවිසීමට)
F10
- සමහර වැඩසටහන් වල මෙනු බාර් එක ලබා ගැනීමට (ෆයර්ෆොක්ස් / ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්)
- Shift+F10 මගින් ඕනෑම වින්ඩෝවක රයිට් ක්ලික් මෙනුව ලබාගත හැකියි.
F11
- වින්ඩෝස් එක්ස්ප්ලෝරර් ද ඇතුළුව බොහෝ වැඩසටහන් වල Full Screen Mode එකට මාරු වීම
No comments:
Post a Comment