Friday, 12 September 2014

376. ප්‍රින්ටරයේ ආයු කාලයේ වැඩි කර ගැනීමට උපදෙස්

ප්‍රින්ටරයේ ආයු කාලයේ වැඩි කර ගැනීමට උපදෙස්



 අද වන විට බොහෝ දෙනා ප්‍රින්ටර්ස් භාවිතා කිරීමට හුරු වී ඇත. එමගින් අපගේ එදිනෙදා වැඩකටයුතුද පහසු වනු ඇත. එහෙත් බොහෝ දෙනා ප්‍රින්ටර්ස් භාවිතා කරාට එය නිවැරදිව තබා ගන්නා ආකාරය පිලිබදව තබාගන්නා ආකාරයට පිලිබදව ඇති දැනුම ඉතාමත් අවමය. ඉතෙන් අපි හිතුවා ප්‍රින්ටරය නිවැරදිව තබා ගනා ආකාරය සහ එමගින් ආයුකාලය  වැඩි කර ගන්නා ආකාරය පිලිබදව මානා අවබෝදයක් ලබා දෙන්න....     



1.       ප්‍රින්ටරය පිරිසිදුව තබා ගැනීම 

                        ඔබ විසින් භාවිතා කරනු ලබන ප්‍රින්ටරය පිරිසිදු කොට තබා ගත යුතුය. ප්‍රින්ටරය තිබෙන ස්ථානයද තැනක් වී යුතුය.විශේෂයෙන් ප්‍රින්ටරයේ ඇතුලත දුවිලි වැනි දෑ නොරැදෙන පරිදි ආරක්ෂා කර ගැනීම ප්‍රධාන වශයෙන් සැලකිය යුතු වේ.



2.       පලුදු නොවූ paper භාවිතා කිරීම

                      ඔබ භාවිතා කරනු ලබන කොළ පොඩි නොවූ, පලිදු නොවූ කොළ විය යුතුය.එසේ නොවුවහොත් සිදුවන්නේ ප්‍රින්ටරය තුල කොළ සිඅවිමයි. එසේ සිදුවුවහොත් එහි ඇතුලත කොටස්වල ආයු කාලය කෙටි වන්නට පුළුවන. මන්ද යත් ඒවායේ ඇති සියුම් බව නිසා ඉක්මනින් පලුදු වීමට ඉඩ තිබේ.



3.       ඉතා උසස් තත්වයේ කොළ භාවිතය 

                ප්‍රින්ටරය සදහා භාවිතා කරනු ලබන කොළ ඉතා උසස් තත්වයේ කොළ විය යුතුය. මෙය ඉතා වැදගත් දෙයකි.ඔබ බාල වර්ග්ගය්යේ කොළ භාවිතා කිරීම තුලින් ප්‍රින්ටරයේ අතුකටැහැ කොළ සිර වීම , paper dust වැඩි පුර රැදීම සිදුවිය හැක. එවිට ප්‍රින්ටරයේ ආයුකාලය බාධා ගෙන දෙයි.



4.       නැමුණු කොළ භාවිතයෙන් වැලකීම 

                          නැමුණු කොළ භාවිතය තුලින් කලින් සදහන් කල ආකාරයෙන්ම ප්‍රින්ටරය තුල සිර වුවහොත් හානි සිදු විය හැකි නිසාවෙනි. කොළ ප්රින්ටරයට තුලට ඇතුලත් කිරීමේ දී ඉතා සැලකිලිමත් විය යුතුය.



5.       කොළ ගබඩා කර ගැනීම 

                           කොළ ගබඩා කිරීමේදී නිවැරදිව ප්‍රින්ටරය තුලට කොළ එක මත එක සිටින සේ තැබිය යුතුය. වෙනස් වුවහොත් සිදුවන ක්‍රියාවෙහි වෙනස්කම් වීමට ඉඩ ඇත. එසේම කොලය යායුතු දිශාවෙන් තොරව ගියහොත් සිදුවන්නේ ප්‍රින්ටරය හිරවිමයි. එවිට අපට අනවශ්‍ය වියදම් මෙන්ම අපගේ කාලයද ඒ නිසා විනාශය වේ. එසේම කොළ ගබඩා කිරීමේදී මිනිසුන් ගැවසෙන තැන් වලින් ඈති කල යුතුය එයින් කොළ වලට වන හානිය අවම කරගත හැක.     



6.       පැරණි roller වෙනුවට අලුත් ඒවා යෙදීම 

                           ප්රින්ටරයට දමන roller අබලන් පසු කොළ හිරවීම සුලබව සිදු විය හැක.මේ හේතුව නිසා ප්‍රින්ටරයට හානි පැමිණීමට සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. Roller ගෙවීම හේතුවෙන් Toner එක වැඩියෙන් භාවිතා වේ. මේ නිසා toner එක ඉක්මනින් එවර වීමට හැකියාවක් ඇත.එවිට අපගේ වියදමද වැඩි වේ.



7.       අලුතින් කොටස් එකතු කිරීමට සැලකිලිමත් වන්න 

                                  ප්‍රින්ටරයේ කොටස් මාරු කිරීමේදී හා අලුතින් කොටස් එකතු කිරීමේදී ඉතා සුපරීක්ෂා කාරීව සිදු කල යුතු වේ.එසේ නොවුවහොත් පලුදු වීම, කදිම, පුපුරායාම වැනි දෑ සිදු විය හැකිය. එය එතරම් සියුම් අංගෝපාංග වලින් සමන්විත වේ. එම නිසා ප්‍රින්ටරය භාවිතයේදී නොසැලකිලිමත් වුවහොත් සිදුවන්නේ විශාල පාඩුවකි. එම නිසා එය භාවිතා කිරීමේදී නිරතුරුවම සැලකිලිමත් විය යුතුය.


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment