Wednesday, 10 September 2014

366. YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය හදුන්වා දෙයි

YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය හදුන්වා දෙයි



www.youtube.com ලෝකයේ ජනප්‍රියම වීඩියෝ සේවය වන youtube වෙබ් සේවාව මගින් තම සේවාග්‍රහකයන්ට තවත් නවතම සේවාවක් පසුගිය කාලයේ හදුන්වා දුන්න Face blurring ‍feaTure ලෙසින් හැදින්වන මෙයින් සිදුවන්නේ ඔබ youtube වෙතට UPLOAD කරන වීඩියෝවක  පෙනීසිටින යම් අයෙකුගේ මුහුණ බොද වුනු ආකාරයෙන් සකසා SHARE කළහැකි වීමයි. මෙමගින් අනන්‍යතාවය සැගවිය යුතු අවස්ථාවන් වලදී ඉතා පහසුවෙන් එය සිදුකල හැකිය



මෙය වීඩියෝ ෂෙයාරින් ක්ෂේත්‍රයේ සිදුවූ වැදගත් ඉදිරි පියවරක් ලෙස සලකනු ලබනවා. අනන්‍යතාවය සැගවිය හැකි නිසා විරෝදතා කරුවන් ආදින්ට සැකයකින් බයකින් තොරව වීඩියෝ UPLOAD කළ හැකිය මෙමගින් ඔබගේ අනන්‍යතාවය හෙළිදරව් නොකර වීඩියෝ එළිදැක්වීමට ඔබට අවස්ථාවක්

මෙම පහසු කම බාවිතා කරන ආකාරය

  • මුලින්ම ඔබේ  youtube  වීඩියෝව UPLOAD කරන්න 
  • ඉන්පසු youtube මුහුණතේ ඇති ENHANCEMENTS ටැබ් එකට යන්න 
  • පහතින් ඇති  additional feature යන්න තෝරා ගත් විට ලැබෙන සැකසුම් අතරින් blur all face යන්න තොර  apply කරන්න 
  • තවමත් මෙම තාක්ෂනය ප්‍රථමික මට්ටමේ පවතින නිසා පහත කරුණු අනුව යම් යම් විට මුහුණු සැගවිමේ ගැටළු මතුවිය හැක 
  • රුගත කර ඇති කෝණය 
  • ආලෝක තත්වය 
  • දර්ශනයේ ඇති බදාවන් 
  • වීඩියෝවේ ගුණාත්මක බව 

ඔබත් මෙම තාක්ෂණය අත්හදා බලන්න.  


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment