4D film ගැන දන්නවද ?
ලංකාවට මීට අවුරුදු කිහිපයකට කලින් 3D තාක්ෂනය ලංකාවේ ජනප්‍රිය වුනත්, දැනට ලෝකයේ ජනප්‍රිය 4D තාක්ෂනය ගැන ගොඩක් අය දන්නේ නෑ. සමහරවිට මේ ලිපිය බලන පිටරට හෝ ලංකාවේ අය 4D film අත්දැකීම අරගෙන ඇති කියලා හිතනවා.
ලංකාවට මීට අවුරුදු කිහිපයකට කලින් 3D තාක්ෂනය ලංකාවේ ජනප්‍රිය වුනත්, දැනට ලෝකයේ ජනප්‍රිය 4D තාක්ෂනය ගැන ගොඩක් අය දන්නේ නෑ. සමහරවිට මේ ලිපිය බලන පිටරට හෝ ලංකාවේ අය 4D film අත්දැකීම අරගෙන ඇති කියලා හිතනවා.
මොනවද මේ 4D film?
අපි දන්නවා 3D film වලනම් දෙන්නේ x, y, z අක්ෂ 3 ම උපයෝගී කරගෙන කරගෙන පෙන්වන දසුනක්. මෙහිදී ඊට අමතරව තවත් දේවල් එකතු කරලා තියනවා.
- Advanced motion seats - සෙලවෙන ආසන
- Vibration systems – Vibration සහිත ආසන
- Water spray - වතුර ස්ප්‍රේ
- Temperature variation (Cold & Hot) - උෂ්ණත්ව වෙනස්කම්
මීට අමතරව තවත් දේවල් එකතු කරපු ඒවත් තියනවා. එහෙම එක එක අංග එකතු වෙනකොට ඒවාට 5D, 6D, 7D වගේ නම් වලින් හදුන්වනවා.
මේ Film වල ඒ film 1 තියන ජවනිකාව අනුව මේ
දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ අවස්ථාවේ අපි එතන ඉන්නවා වගේ හැගීමක්
අපිට එනවා. (හැබැයි ඉතින් වැස්සක වගේ seen එකක් ගියොත් නාන්න තමයි වෙන්නේ
අපිටත්)
උඩ දාලා තියන වර්ග 4 න් වෙන වෙනම කෙරෙන
දේවල් කියන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මං හිතනවා. මේවත් එක්ක 3D sound
එකත් එකතු වුනාම වැඩේ පට්ටම ගති.
මුල්ම 4D film එකක අත්දැකීම ආවේ 1984 වර්ෂයේ. (හිතාගන්නත් බෑ නේද?)
නමුත් 2009 out වුන ඇවටර් (Avatar) Film
එක ගොඩක් රටවල 4D තාක්ෂනය නිසා ජනප්‍රිය වුනා. මම හිතනවා ඔයාලා මේකේ 2D
film 1 වත් බලන්න ඇති කියලා. පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙ උඩින් යනකොට, ගස්
උඩින යනකොට Film එක බලන කෙනාට කොච්චර Fantastic විදියට ඒක දැනෙන්න ඇති නේද
කියලා.
දැනට 4D film 27ක් නිපදවලා තියනවා. මේ තියෙන්නේ ලගදි out වුන Film සෙට් එකක්..
- Star Tours 2 – 2011
- Shalem – 2011
- Spy kids – 2011
- Transformers – 2011
- Despicable me – 2012
- Ice Age – Down of the Dinosaurs – 2012
- Iron man 3 – 2013
අපිට ලංකාවේ 4D Films බලන්න පුළුවන් කොහේද?
මම දන්නේනම් Colombo10- Excel world එකේ තමයි. එහෙදි ඔයාට මේ අත්දැකීම ගන්න පුළුවන්.
No comments:
Post a Comment