කළු පෙට්ටියේ(Black Box) නිර්මාතෘ.....
ගුවන් යානයක් අනතුරට පත්වූ පසු එය ගැන
කියන්න බොහෝ වෙලාවට කිසිවෙක් ඉතිරිවන්නේ නැත.එසේම යානයේ කිසිවක් තිබූ
සැටියෙන්ම රැකෙන්නේද නැත.එහෙත් අනතුරකට පත්වූසැටි කියන්න සමත්වූ එක්
උපාංගයක් තිබේ....එය කළු පෙට්ටියයි.ගුවන් නියමුවන්ගේත්,ගුවන් යානයේත්
බිහිසුනු අවසන් ගමනේ කතා සුරැකිව තබා ගන්නට සමත් කළු පෙට්ටිය තැනූ
ඔස්ට්‍රේලියානු විද්‍යාඥයා ඩේවිඩ් වොරන් ය.නමුත් මොහු 2010 ජූලි 19 අප
අතරින් සමුගත්තා.ඔහු මියයැමේදී ඔහුට වයස අවුරුදු 85 යී.
ගුවන් අනතුරක් යනු තවත් එක් අනතුරක්ය කියා
අමතක කොට දමන්නාක් නොවේ.තවත් ගුවන් අනතුරක් වීමට තිබෙන ඉඩ කඩ අසුරාලන්නට
මේ අනතුර ගැන දීර්ග වශයෙන් විමර්ශනය කෙරේ.
ලෝකයේ පලමු ගුවන් අනතුර ලෙස වාර්තාවන්නේ
1953 දී Comet MK 1 ජෙට් එයාර් ලයිනර් ගුවන්යානය පාකිස්තානයේ කරච්චි
නගරයේදී අනතුරට පත්වීමයි.ඒ ගැන විමර්ශනය කල කන් ඩායමේ ඩේව්ඩ් වොරන් ද
සිටියා.මෙතැනදි ඩේවිඩ් වොරන්ට තේරුම් ගියා,යානය අනතුරට පත්වෙන වෙලාවේ නියමු
කුටියේ කතා බහ දැනගත හැකි නම් අභිරහසේ ගැබුරු තැන් එළියට එන බව.
මෙසදහා මොහු 1956 දී උපාංගයක් තැනීය.එවිට
ඔහු ඔස්ට්‍රේලියානු ගගනයානා පර්යේෂන අයතනයේ විද්‍යාඥයෙකි.සිඩ්නි විශ්ව
විද්‍යාලයේ එම විශයට ආචාර්ය උපාදියක් ලද්දෙකි.ඔහුගේ පුලුල් දැනුම එකතැනකට
කැටිකොට තැනූ මේ නිර්මානයෙන් ගුවන්යානයක බිහිසුනු අවසන් මොහොතේ තොරතුරු
ඉබේරැස්වේ.විද්‍යාත්මක ගුවන්යානා තොරතුරු රෙකෝඩරය(FDR - flight data
recorder/CVR - cockpit voice recorder) යනුවෙන් හදුන් වන මෙහි කව්රුත්
දන්නා නම කළු පෙට්ටියයි.
මෙය තැබිලි පැහැති කුඩා පෙට්ටියකි.කාල
තුවක්කුවකට දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තැබුවත් මෙයට කිසිවක් සිදුනොවේ ඒ
තරම් මේය දැඩී.සෙන්ටිග්‍රේඩ් අංශක 1000ක උණුසුමින් ගිනි ගන්නා තැනක පැය
භාගයක් තිබුනත් ක්‍රියාවිරහිත නොවේ.අඩි 20000 ක් ගැඔුරු මුහුදේ මාස ගණනක්
තිබුනත් කිසිවක් සිදුවෙන්නේ නැ.
අනතුරකට පත්වූ ගුවන් යානයක සුන්බුන්
මැදින් මේ තැබිලි පාට පෙට්ටිය සොයාගන්නා විට එය කළු පැහැගැන්වීය.ඒ නිසා
මෙයට කළු පෙට්ටිය කියා නම වැටුනි.කලින් නම් මෙහි කට හඬ,අනතුරු දායක
අවස්තාවලදී ගුවන්යානය ගමන් කල උස සහ වේගය,ගමන් කල දිශාව,රේඩියෝ සංවාද හා
නියමුවන්ගේ කතා ආදිය රෙකෝඩ් වුනේ ටේප් වලය නමුත් දැන් එවාට විවිද නවීන
පරිගණක උපාංග භාවිතා වේ.
සැම කළු පෙට්ටියකම මුද්‍රිත වගන්තියක්
තිබේ,"ගුවන් ගමන් තොරතුරු,විවෘත නොකරන්න(Flight Recorder: Do Not Open)"යනු
එයයි.ඩේවිඩ් වොරන් ගේ නිසල සිරුර දමා මිහිදන් කල එම පෙට්ටියේ ඔහුට ගෞරව
වශයෙන් මෙසේ ලියා තිබුනි,"Flight Recorder Inventor: Do Not Open"......
සදා ජය....
No comments:
Post a Comment