පාවෙන බයිසිකල් සිහිනය සැබෑවේ. ලක්ෂ 110කට වෙළඳපලට නිකුත් වනු ඇත.
අපි මෙහෙම ප්‍රශ්ණයක් අහමු. අනාගතේ ඔයාලා ගන්න කැමති වාහනේ මොකක්ද? ගොඩක් අය කියාවි පාවෙන කාර් එකක් ගමන් බිමන් යන්න තිබුනානම් හොඳයි කියලා. මොකද පියාඹන කාර් ගැන දැන් ඔයාලා ගොඩක් දෙනෙක් අහලා ඇති. හැබැයි පාවෙන කාර් දැනටමත් තියෙනවා නම් ඇයි පාවෙන බයිසිකල් හදන්න බැරි. එහෙමත් හිතෙන්න පුළුවන් නේද? (මතකයි නේද හැරී පොටර් ෆිල්ම් එකේ හැරීගේ සීයාගේ බයිසිකලය)

පාවෙන බයිසිකල් පිළිබඳ මුල්ම ආරංචිය අපට
ලැබෙන්නේ 2011 දී. ඒ Aerofex නම් සමාගමක් විසින් හඳුන්වාදෙන ලද සංකල්පමය
පාවෙන බයිසිකලයක් ජනප්‍රියත්වයට පත් වීමත් සමඟයි. Aero-X නමින් හැඳුන්වුනු ඒ
බයිසිකලය $85 000ක (රුපියල් ලක්ෂ 110ක) පමණ මුදලකට 2017 වසරේ සිට වෙළඳ පළට
නිකුත් කිරීමටයි දැන් ඒ සමාගම සූදානම් වන්නේ. ඒත් මේ බයිසිකලය මිලදී ගන්න
නම් දැන්ම $ 5000ක මුදලක් ගෙවා වෙන්කරවා ගත යුතුයි.
Aerofex සමාගම විසින් නිකුත් කරන ලද
තොරතුරු අනුව වෙළඳපළට නිකුත් වන මේ Aero-X බයිසිකලය සාමාන්‍ය මෝටර්
බයිසිකලයක් හා වායුපායානයක් (hovercraft) ඒකාබද්ධ කර නිර්මාණය කරන ලද්දක්
ලෙසයි දිස්වන්නේ. පොළව මට්ටමේ සිට අඩි 12ක් දක්වා ඉහලින් ගමන් කළ හැකි මේ
බයිසි-යානයට පැයට සැතපුම් 45ක උපරිම වේගයක් ලබාගත හැකිය. එකවර දෙදෙනෙකුට
ගමන් කළ හැකි මේ බයිසිකලයට ජල තලයක් මතින් වුවද ගමන්ගැනීමේ හැකියාව.
යම් හෙයකින් මේ බයිසිකලය අපේ රටේ නීතී
රීතී හා රෙගුලාසි වලින් බාධාවක් නොවී ලංකාවේදීත් ලබාගත හැකි වූවහොත් මාර්ග
තදබද පිළිබඳ වද නොවී වැඩට යන දිනය වැඩි ඈතක නොවිය හැක.
සදා ජය.......
No comments:
Post a Comment