Sunday, 21 September 2014

420. Google අපගෙන් සැඟවූ රහස් තැන් 10ක්

 Google අපගෙන් සැඟවූ රහස් තැන් 10ක්



Google Earth ගැන ඔබ නොදන්නවා නම් එය පුදුමයක්. මුළු ලෝකයම අපගේ පරිගණක තිරය මතට ගෙන එන්නට සමත් මේ සේවාව බොහෝ ප්‍රචලිත වැදගත් සේවාවක්. ඔබට පැරීසීයේ අයිෆල් කුළුණ නැරඹීමට පැරීසියටම යායුතු නැහැ. මන්ද ඔබ එම ස්ථානයේ සිට අයිෆල් කුළුන දෙස බලන අයුරින්ම ඔබට Google Earth හෝ Google Map Street View හරහා දැකගත හැකියි. එසේ වුවත් මෙලෙස සෑම ස්ථානයක්ම ඔබට නැරඹීමට Google ඉඩ සලසා නැහැ.

සාමාන්‍යයෙන් ජීවත් වන හෝ මිය ගිය කිසිදු කෙනෙකුගේ ඡායාරූපයක් Google සිතියම් තුල ඇතුලත් නැහැ. ඒ වාගේම රජයේ රහසිගත ස්ථාන හෝ වෙනත් පෞද්ගලික දේපලක් හෝ Google Maps වෙතින් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇත්නම් ඒ දේවල් Google සිතියම් වල අන්තර්ගත වන්නේ නැහැ. ඇතැම් විට දිවයිනක්ම වුවත් මෙලෙස ඉල්ලීමක් මත බොඳ කළ අවස්ථා දැකිය හැකියි.

පහතින් දැක්වෙන්නේ එලෙස Google වෙතින් ඉවත්කරන ලද දේවල් අතුරින් වැදගත් ස්ථාන 10 කි.

1. The Royal Residence, The Netherlands (නෙදර්ලන්තයේ රාජකීය මැදුර)
64dac10d

2. Buffalo Niagara International Airport ( බෆලෝ නයගරා ගුවන්තොටුපල )
මෙය පැහැදිලිව දර්ශණය නොවන පරිදි සුදු පැහැගන්වා ඇත.

02ed9aa1


3. Tantauco National Park, Chile (චිලී රාජ්‍යයේ පිහිටි ටන්ටවුකෝ ජාතික උද්‍යානය)

සළකුණක් පමණක් ඇති මේ උද්‍යානයේ වඳවීමේ තර්ජනයට ලක්වූ ජීවී විශේෂ රාශියක් ජීවත් වේ.

44777a3f

4. Keowee Dam, South Carolina ( දකුණු කැරලිනාවේ කියාවෝ බැම්ම )

නත්තල් ගසක හැඩැති මේ බැම්ම විදුලිය උත්පාදනය සඳහා සහාය වේ.

75c1b225 (1)

5. Mysterious Russian Site ( අබිරහස් රුසියානු ප්‍රදේශයක් )

මේ ස්ථානයේ ඇති දෙය තවමත් අනාවරණය වී නැත.

9d8a1114

6. Minami Torishima Airport, Japan ( ජපානයේ මිනාමි රොරිෂිමා ගුවන්තොටුපළ)

ජපන් වෙරළ ආරක්ෂක බළකායේ රහසිගත ගුවන්තොටුපළකි.

23225888

7. The Michael Aaf Building, Utah ( ඌටා කාන්තාරයේ පිහිටි මයිකල් ආෆ් ගොඩනැගිල්ල )

ඇමරිකානු හමුදාවේ ජීව අවි හා රසායනික අවි පර්යේෂණ මධ්‍යස්ථානයකි.

732379cf

8. Cornell University Combined Heat and Power Plant, New York ( කාර්නල් විශ්වවිද්‍යාලයේ තාප හා ජව සැපයුම )

477f0aa9

9. Babylon, Iraq ( බේබිලොන් නගරය – ඉරාකය )
6c8c0157

10. Vlissingen, The Netherland ( නෙදර්ලන්තයේ වෙලිසින්ගන් )

6dc9adea
සදා ජය​........

No comments:

Post a Comment