තැනකට ගිහින් හරියට කැම කන හැට්වත් දැනගන්න.
අද කථා කරන්න හිතුවේ වෙනස් දෙයක්.අපි
තැනකට ගිහින් ආහාර ගන්නේ නිවරදි ආකාරයට කියලා ඔබ සිතනවද ?අපේ අඩූපාඩූ කොපමන
තියනවද කියලා ඔයාලාට අද ලිපිය බැලුවාහම තේරේවි.මේක සමහරෙක්ට වැදගත් නොවන්න
පුලුවන් කොහොම කැවත් බඩට නේද කියලා,තමංගෙ ගරුත්වය .පවුර්ෂත්වය, ඔබත්
වැදගත් මිනිසුන් ඇසුර ලබන කෙනෙක් නම් මෙම ලිපිය මහමෙරක් වෙන්නට පුලුවන්.ආ
මේ ලිපිය ලිවුවේ නොදන්න අය වෙනුවෙනුයි ඒකත් කියල ඉන්න එපාය.
-කන්න බෙදාගන්න ගියාම තව කි දෙනෙක් ඉන්නවද කියලා හිතලා,ඒ අයටත් ඉතුරු කරලා බෙදාගන්න.
-පෙරේත කමට කන්න බැරි තරම් බෙදාගෙන කැම ඉතුරු කරලා විසිකරන්න එපා.
-බත් කනකොට පිගානේ කොනින් කොනට ,ට්කට්ක අනාගෙන කන්න,තැන් තැන් වලින් ගොඩවල් අනාගෙන කන්න එපා.
-දකුනු අතේ ඵලවැනි ඇගිලි පුර්කට ඉහලින් ඉදුල් ගැවෙන්න බත් අනන්න එපා.
-බත් කටට දාගනකොට දිව අදින්න එපා.
-බත් කනකොට තලු ගහන්න,සද්ද කරන්න එපා.
-පිගාන හෝදනකොට දෙපැත්තම හොදන්න.
-පිගාන සොදලා ඉදුල් වතුර විකරනකොට,එයත් සතෙකුට ආහාරයක් වේවා කියලා සිතන්න.
භෝජනාගාරයට ගිය පසු.
අත්පිස්නා භාවිතය-
කැම මෙසයට වාඩ්වේලා ඉස්සෙල්ලාම කරන්න ඕන
මේසය උඩ නොයෙකුත් හැඩයට නවලා ලස්සනට තියල තියන අත් පිස්නාව (නැප්කින්
එක)සිරුවෙන් දිග ඇරලා ඔඩොක්කුවේ එලාගන්න එක.කැම ගන්න අතරේ අවශ්‍ය වේලාවට
දෙතොල් පිසදාගන්න පාවිච්චිකරන්න පුලුවන්.එය අතපය,මුහුන,සොටූ පිහිදාගන්න
පාවිච්චිකරන්න එපා.
කැම ගැනිම අවසානයේදි අත්පිස්නාව සාමන්‍ය
විදියට නවාලා දකුනු පැත්තෙන් තියන්න.කැම පිලිගැන්විම වම් පසිනුත්,හිස්
පිගන් ඉවත් කිරිම දකුනු පසිනුත් සිදුවන නිසා ඔබ ආහාර අරගෙන අවසන් බව එයින්
හැගවේ.
ආහාර ගැනිම ආරම්භ කිරිම-
සාමාන්‍යන් බටහිර කැම වේලක්
වටකිහිපයකින්(කෝස්) සමන්විත වෙනවා.සැම වටයකදිම සියල්ලටම කැම පිලිගන්වන තෙක්
බලාඉදලා,කැම ගැනිම එකවර ආරම්භ කලයුතුයි.
කාගේ හරි ආරාදනයෙන් බෝජන සංග්‍රහයට සහබාගි වෙනවනම් ඔහු හෝ ඇය ඵලමුව කැම ගැනිම ආරම්භ කරනතෙක් සිට්ම සුදුසුයි.
ආහාරගෙන අවසන් බව හැගවිම-
පිලිගන්වන කැම සියල්ලම කාදැමිය යුතුයැයි
නිතියක් නොමැත.ප්‍රමානවත් ආහර ගැනිමකට පසුව හැදි ගෑරුප්පු පිගානේ දකුනු
පසින් මිටවල් පිටතට තියන විදියට තියන්න(ඔරලෝසුවේ 4.20 වෙලාව දැක්වෙන
විදියට)ඉදුල් තැවරුනු හැදි ගෑරුප්පු මේස රෙද්ද උඩතියන්න එපා..
හැදි ගෑරුප්පු පාවිච්චිය-
මෙනුව අනුව පාවිච්චි කල යුතු හැදි
ගෑරුප්පු අනුපිලිවෙලින් මෙසයේ පිගනා දෙපැත්තෙන් තබා තියනවා.පිටතින්ම තියන
හැංදයි ගෑරුප්පුවයි අරගෙන වැඩේ පටඞන්න පුලුවන්.මාලු හා මස් ආහාරයට ගන්න
හැදි ගැරුප්පු පිහියවල් හැඩයේ පොඩ් පොඩ් වෙනස් කම් තියනවා.
වමතින් ගැරුප්පුව අරගෙන,මස් මාලු වගේ
ආහාර පිගාන මත තදකරලා අල්ලගෙන,දකුනතින් පිහිය අරගෙන කපාගන්න
පුලුවන්.ඉන්පසු පිහිය පැත්තකින් තියලා කපගත් ආහාරය ගැරුප්පුවෙන් අරගෙන කන්න
ඕන.ඇමරිකානු ක්‍රමයට ගැරුප්පුව දකුනු අතට මාරුකරගන්නත් පුලුවන්.කාපාගන්න
අවාශ්‍ය නැති ආහාර බත් වගේ එවා සදහා හැංද පාවිච්චි කරන්න පුලුවන්.සුප් වලට
වෙනමම බොකුටූ හැංදක් තියනවා.සාමාන්‍ය හැංදෙන් කනකොට හැංදෙ ඉදිරිපස
කොටසිනිත්,සුප් හැංදෙ පැත්තකිනුත් ආහාර ගනන්.
අතුරු පස ගන්න අඩූ පඩූ කට්ටලය පිගානට ඉහලින් තියල තියෙන්නේ .බටර්වගේ තැවරුමක් ඉස්සෙල්ලා පිගානේ තවරාගෙන පාංවල තවරාගෙන කන්න ඕන.
හැදි ගෑරුප්පු පාවිච්චිය ඉතාමත්ව
සන්සුන්ව, නිහඩව කලයුතුයි.ආහාර ගන්න අතර තුර වැලමිට මේසයමත නොතබන්නත්,වම්
අත පාවිච්චි නොකරන වේලාවට උකුලමත තියාගන්නන්ත් මතක තබාගතයුතුයි.
බීම වර්ග පානය -
ශිතකල පානවර්ග පිලිගැන්වෙන්නේ උස නටූවක්
තියන් විදුරුවක. ඒවගේම බිම විදුරුවේ නටූවෙන් අල්ලාගෙන පානය කරන්න.අනෙකුත්
බීම වර්ග සාමාන්‍ය විදුරුවල පිලිගැන්වේ,ඒවා පානය කිරිමේදි විදුරුවේ බීමවලට
ඉහල මට්ටමට මදක් ඉහලින් ඇගිලි තුඩූවලින් විදුරුව අල්ලාගෙන පානය කරන්න.
භටහිර විදියට ආහාරගැනිම අපිට ට්කක් අමුතු
දෙයක් තමයි,මොකද අපි කැම ගන්නේ අපේම ක්‍රමයකටනේ ඒ උනත් පිරිසක් ඉදිරියේ
අපිට ආහාර ගැනිමට සිදුවුනොත් අපි මේ අචාර ධර්ම පිලිපදින්න වෙනවා,නැත්නම්
අපි කොන් වෙන්න වැඩීවේලාවක් යන්නේනැ.
මේගැන නොදන්න කෙනෙක් එක දෙයක් හරි ජිවිතයට එකතුකරගත්තනම් එයතමයි අපි ලබන සතුට...
No comments:
Post a Comment