Saturday, 13 September 2014

381. කැමරාව නිවැරදිව අල්ලා ගන්නේ කෙසේද?

කැමරාව නිවැරදිව අල්ලා ගන්නේ කෙසේද?

 ඔබ කැමරාවක් ගත්තම ඒක නිවැරදිව අල්ලාගන්නා ආකාරය ඉගෙන ගත යුතුයි.කැමරාවේ නිවැරදි ග්‍රහණය තමයි, තියුණු ඡායාරූපයක පාදම වෙන්නෙ.
කැමරාව අල්ලා ගන්නා ආකාරයකැමරාව අනුව වෙනස් වෙනව.

මූලික සිට ගැනීමේ ඉරියව්ව
බලන්න මේ ඉරියව්ව දිහා, මේක තමයි, DSLR/ASLR එකක් අල්ල ගන්න මූලික ඉරියව්ව.


කැමරාව නළලට සිරකරගත යුතුයි, වම් අතේ අල්ල උඩට කැමරාවෙ බර දෙන්න, දබරැඟිල්ලෙනුයි,මහපට ඇඟිල්ලෙනුයි කාචය අල්ලා ගන්න. දකුණු අතේ දබරැඟිල්ල පාවිච්චි කරන්න shoot බොත්තම ඔබන්න, අනෙක් ඇඟිලි 4න් කැමරාව අල්ලා ගන්න.වැලමිටි දෙක ඇඟට හිරවෙන්න තියාගන්න.ඔබටtripod එකක් නැති නිසා තමුන්ගෙ ශරීරය tripod එකක් කරගන්න ඕනෙ කැමරාවට.
මේ ක්‍රම නම් සම්පූර්ණයෙන් වැරදි ක්‍රම. එය ඡායාරූපයට වගේම කැමරාවටත් හොඳ නැති ක්‍රම.




සිටගෙන සිටීමේදී පාද පිහිටිය යුතු ආකාරය
පුලුවන් තරම් ශරීරය ස්ථායීව තබා ගැනීම තමයි අවශ්‍ය වෙන්නෙ. ඉතින් ඒකට පාද තබා ගත යුතු ආකාරයත් වැදගත්.
පාද දෙක ඈත් කරල, වම් කකුල ටිකක් ඉදිරියට තබල, ඉනෙන් ඇඟ ටිකක් පසු පසට බර කරල,කැමරාවේ බර තමුන්ගේ ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය හරහා යන විදිහට ඉන්න. ඒක තමයි හරිම ක්‍රමය.

කැමරාව සිරස් අතට අල්ලා ගන්නා ආකාරය.
සිරස් අතට ඡායාරූපයක් ගැනීමේදී කැමරාව අල්ලන ආකාරය පොඩ්ඩක් වෙනස් වෙනව. බලන්නකො මේ රූපය දිහා.

කැමරාව අංශක 90ක් භ්‍රමණය කරන්න, කැමරාව ඇසෙන් ඉවතට ගන්නෙ නැතුව. වම් අතෙන් කැමරාවෙ කාච කොටස අල්ලගෙන ඉන්න ගමන්ම. ඔබ චලනය කළ යුත්තේ දකුණු අත පහළටයි,ඉහළට නොවෙයි. හැම වෙලේම අත් දෙක ඇඟට තද වෙලා තියෙන්න ඕනෙ.
මේ ක්‍රමයට අමතරව තව ක්‍රමයක් තියෙනව.
මේක බලන්න. මොකද හිතෙන්නෙ?


මේකත් ඉතාම හොඳ පහසු ඉරියව්වක්. කැමරාව ඔබේ දකුණු අතේ වැලමිට උඩින් තියා ගන්න. (ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න.) දවස පුරාම ඡායාරූප ගන්න අයට මේක හොඳ ඉරියව්වක්, අතටත් ටිකක් විවේකයක් ලැබෙනවනෙ.
හැබැයි මේකෙ තියෙන දුර්වලතාවය තමයි, කාචය සම්බන්ධ වෙනස් කිරීම් කළ නොහැකි වීම.
අපි මෙච්චර වෙලා කතා කළේ ලොකු ලොකු කැමරා ගැනනෙ.


ඔබට තියෙන්නෙ සාමාන්‍ය සංයුක්ත ඩිජිටල් කැමරාවක්ද?

ඒකත් හිතුනු හිතුනු විදිහට අල්ලන්න බෑ. මොකද ඒකටත් සෙලවීම් වගේ දේවල් පොදුයි.හුඟක්ම සංයුක්ත ඩිජිටල් කැමරා වල view finder එකක් නෑ, තියෙන්නෙ LCD තිරයක් විතරයි. අනික ඒව හරිම පුංචි නිසා තදින් අල්ලගන්නත් බෑ.
View finder එකක් තියෙනවනම් අනිවාර්යයෙන් ඒක පාවිච්චි කරන්න.
මේකටත් අර මුලින් කිව්ව නීති ටික බලපානව. අත් දෙකෙන්ම අල්ලන්න, අත් දෙක ඇඟට හිර වෙන විදිහට වැලමිටි ඇඟට තද කරල තියාගන්න.
පටියක් තිබෙනවනම්, අනිවාර්යයෙන්ම ඒක මැණික් කටුව වටේ ඔතාගන්න.


වම් අතේ ඇඟිලි ටික බලන්න. ඒව හරියට තියාගන්න, නැත්තම් ඒව කාචය ඉදිරියට ඇවිල්ල දන්නෙම නැතුව කාචය වසා ගනීවි.
නැත්තම ලේසිම ක්‍රමේ තමයි මේක. කැමරාව වම් අතේ අල්ල උඩින් තියාගන්න, මහපට ඇඟිල්ලෙන් කැමරාව තද කරල අල්ල ගන්න.


සිරස අතට අල්ලන්නෙ කොහොමද? මෙන්න මෙහෙමයි. බලන්නකො.

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment