Shutdown , Restart , Sleep , Lock , Hibernate කරන්න Shortcut හදමු.
තවත් වැදගත් වෙන වැඩක්තමයි කියන්න
යන්නේ. කොහොමද Shutdown , Restart , Sleep , Lock, Hibernate කියන Windows
වැඩ ටික Desktop එකේම ඉදන් කරගන්න පුලුවන් උනනම්.. ඔන්න එහෙනම් පහල තියෙනව
කොහොමද Shutdown , Restart , Sleep , Lock, Hibernate කියන ඒවයෙ Desktop
Shortcut හදා ගන්නෙ කියල. හරි ලේසියි..
මුලින්ම ඔය පහලින් දීල තියන කෝඩ් ටික එකින් එක කොපි කරගන්නකෝ.එක Shortcut එකක් හදල ඉවරවෙලා අනික හදන්න.
Shutdown - Shutdown.exe -s -t 00
Restart - Shutdown.exe -r -t 00
Lock - Rundll32.exe User32.dll,LockWorkStation
Sleep - rundll32.exe powrprof.dll,SetSuspendState 0,1,0
Hibernate - rundll32.exe PowrProf.dll,SetSuspendState
ඔය කහපාටින් තියෙන Code එක විතරක් Copy කරගන්න.
එක Code එකක් Copy කරගෙන ඉවර වෙලා Desktop එකේ Right Click කරල New ------- Shortcut කියන එක Click කරන්න.
දැන් ඔය පහල තියෙනව වගේ Window එකක් එයි. ඔයා Copy කරගත්ත Code එක ඔය රූපයේ පෙන්නල තියෙන තැනට Paste කරන්න..
එහෙනම් දැන් වැඩේ ගොඩ. Shortcut එක උඩ
Double Click කරලම බලන්නකෝ.., හැම Code එකටම වෙන වෙනම Shortcut හදන්න ඕනි..
එක Shortcut එකකින් වෙන්නෙ එක වැඩයි හොදද ?
ඔයා හදපු Shortcut වලට icon එකක් දා ගන්න
ඕනි නම් Shortcut Icon එක උඩ Right Click කරල Properties වලට යන්න. එතකොට
එන Window එකේ Change Icon කියන එකෙන් කැමති Icon එකක් තෝරල OK කරන්න...
No comments:
Post a Comment