මොනවද මේ ගෝරිල්ලා ග්ලාස්- What are known as Gorilla Glasses
ඔබ නවීන ස්පර්ශක සංවේදී ජංගම දුරකථනයක
හිමි කරුවෙක් නම් දැනටමත් මේ නම අසා ඇති. ඔව් මේ තමයි ඔබගේ ජංගම දුරකථනයේ
භාවිතා වන ස්පර්ශක සංවේදී තිරය වඩාත් ශක්තිමත් ආකාරයෙන් පවත්වා ගැනීමට
භාවිතා කර ඇති වීදුරු වර්ගය.
ඇත්ත වශයෙන්ම මේ ගෝරිල්ල ග්ලාස් යන නාමය
ඇමෙරිකා එක්සත් ජනපදයේ වීදුරු නිශ්පාදක සමාගමක් වන සමාගම මඟින් හඳුන්වා
දුන් වෙළඳ නාමයක් වන අතර මේ වීදුරු වර්ගය ක්ෂාරමය ඇලුමිනේසිලිකේට් විශේෂයක්
උපයෝගී කර ගෙන නිපදවා ඇත. එම වීදුරු වර්ගය ඉතා සිහින් නමුත් ශක්තිමත්
මෙන්ම රළු භාවිතයන් සඳහා ඔරොත්තු දෙන ලෙස වැඩි දියුණු කර ඇත්තේ නවීන ජංගම
දුරකථන තිර වල ආරක්ෂාව සඳහාය. එමෙන්ම මේවා පරිගණක තිර සහ රූපවාහිනී තිර
වැනි අනෙකුත් උපකරණ වල තිරයේ ප්‍රාථමික ආවරණය සඳහා ද යොදා ගැනේ.
ඒවා නිපදවා ඇත්තේ අයන හුවමාරු ක්‍රමය උපයෝගී කර ගෙන වන අතර එමඟින් අමතර ශක්තියක් මේ සඳහා ලබා ගෙන ඇත.
පහත වීඩියෝව නරඹන්න. එමඟින් මේ විදුරු වර්ගයේ ශක්තිමත් භාවය ඔබට මැන ගත හැක.
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment