Tuesday, 9 September 2014

360. මෙන්න Coca Cola මූඩියෙන් Call ගන්න විදිය !

මෙන්න Coca Cola මූඩියෙන් Call ගන්න විදිය !


මැද පෙරදිග රටවල රැකියාවල නියුතු කම්කරුවන් පිරිසක් කොකා කෝලා මූඩ් යොදාගනිමින් සිය නෑදැ හිතමිතුරන්ට දුරකථන ඇමතුම් ලබාගන්නා වීඩියෝ පටයක් කොකාකෝලා සමාගම විසින් නිකුත් කර තිබෙනවා. Hello Happiness ලෙසින් හැඳින්වෙන මේ වෙළඳ දැන්වීමේ දැක්වෙන්නේ කම්කරුවන් වාසය කරන නිවාස අසල තබා ඇති දුරකථන කුටියකින් කාසි වෙනුවට කොකා කෝලා මූඩි යොදා විදෙස් රටවල සිය නිවෙස් වලට ඇමතුම් ලබාගන්නා කම්කරුවන් පිරිසකගේ කතාවයි.

සාමාන්‍යයෙන් දිනක ආදායම $6ක් (රු 800ක්) පමණ වන මේ කම්කරුවන්ට එක් මිනිත්තුවක විදේස් ඇමතුමක් සඳහා $0.91ක් (රු 120ක්) පමණ මුදලක් වැය කරන්නට සිදු වේ. මේ නිසාවෙන් සිය නිවෙස් වලට ඇමතුම් ලබාගැනීම ඔවුනට සැලකිය යුතු ගැටළුවකි. නමුත් මේ නව දුරකථන කුටියට එක් කොකා කෝලා මූඩියක් දැමීමෙන් මිනිත්තු 3ක කාලයක විදේශ ඇමතුම් ලබාගත හැක.

මෙවැනි දුරකථන කුටි 5ක් ස්ථාපිත කර ඇති අතර දිනකට පැය 10 පුරා විවෘතයි. මේ දුරකථන හරහා පසුගිය මාසයක කාලය තුලදී මිනිත්තු 134,484 ක දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බව පැවසේ.

නමුත් මෙය හුදෙක් වෙළඳ ප්‍රචාරණ උපායමාර්ගයක් පමණක්ද නැතිනම් සමාජ සත්කාර්යයක්ද යන්න පිළිබඳව විවිධ මත පළවෙමින් පවතී.

 

සදා ජය​......


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment